මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් ධීවර අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්

    ඔක්තෝබර් 24, 2014

    බහුදින යාත්‍රා ඇතුළු යාත්‍රාවලින් අල්ලා ගන්නා මසුන් ධීවර සංස්ථාව විසින් ස්ථාවර මිලකට මිලධී ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට සහ අමාත්‍යාංශ නිලදාරීන්ට උපදෙස් දෙන ලදී.


    දැනට විදේශ යාත්‍රා මඟින් අල්ලා ගන්නා මසුන් ද අතරමැදි සමාගම් මඟින් මිලදී ගැනීම වලක්වා ධීවර සංස්ථාව මඟින් ඍජුව ම මිලදී ගෙන දේශීය, විදේශීය වෙළෙඳපොළට යොමු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ඒ අනුව ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට හැකි වනවා සේ ම කාර්යක්ෂම සේවාවක් ධීවරයන් වෙනුවෙන් ඉටුකිරීමට ද හැකි වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මේ අතර විදේශයන්ගෙන් පැමිණෙන ධීවර යාත්‍රා ප්‍රමාණය අවශ්‍යතාව පරිදි අඩුකරවීමට ද ජනාධිපතිතුමා , අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ඊයේ (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ධීවරයන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් ඉදිරිපත් කරන ලද ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් මේ උපදෙස් ලබා දුන්නේය.

    පසුගියදා ධීවර අමාත්‍යාංශය අසල පැවති උද්ඝෝෂණයට සහභාගි වූ ධීවරයන් ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ධීවර අමාත්‍යාංශය අසලදී ධීවරයන්ට මුහුණ දීමට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මෙහිදී තම කනගාටුව ද ප්‍රකාශ කළේය.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, බැසිල් රාජපක්ෂ, දයාශ්‍රිත තිසේරා, ප්‍රියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් කුමාර ගුණරත්න, වික්ටර් ඇන්තනී, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya