මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නීතිපති ලෙස යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා දිවුරුම් දෙයි

    ඔක්තෝබර් 24, 2014

    ශ්‍රී ලංකාවේ 28 වන නීතිපතිවරයා ලෙස සොලිස්ටර් ජනරාල් යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා ඊයේ (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


    1979 වසරේ නීතිඥවරයෙකු ලෙස සේවයට එක් වූ ඒ මහතා 1980දී රජයේ අධිනීතිඥවරයෙකු වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ අතර මේ වන විට එහි වසර 34ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

    නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයෙකු, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්, අතිරේක සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කර ඇති විජයතිලක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකර ඇත. 

    කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන එස්.ආර්. විජේතිලක මහතාගේ පුතණුවන් වෙයි.

    NDH/pmu_pix by Nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya