මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ සකස් කළ නියෝග 06ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 23, 2014

    අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ සකස් කළ නියෝග 06ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කරන ලදී.


    එම නියෝග ඉදිරිපත්කරමින් අමාත්‍යවරයා පැවසුවේ; “අත්‍යවශ්‍ය භාණ්ඩ යම් ප්‍රමාණයක් මේ රටේ නිපදවන අතර යම් ප්‍රමාණයක් ආනයනය කිරීමටත් සිදුවෙනවා. පාරිභෝජනයේ ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩවල මිල නියම කෙරෙනවා. කාලගුණය  වැනි හේතු නිසා නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වෙනවා. නියඟය ඊට හොඳ ම උදාහරණයයි. භාණ්ඩවල මිල ඉහළ යෑමට මෙවැනි විවිධ හේතූන් බලපානවා. පිටරටින් ගෙන්වන භාණ්ඩවලට සීමා පැනවීම මඟින් දේශීය නිෂ්පාදකයා රැකගැනීමට පියවර ගෙන තිබෙනවා. බදු පැනවීම හා ලිහිල් කිරීම තුළින් සාධාරණ මිලක් තබා ගැනීමට රජය කටයුතු කරනවා.

     

    අද ලෝක වෙළෙද පොලේ තෙල් මිල සීග්‍රයෙන් පහළ බසිනවා. ඉදිරි වසර තුන තුළ තෙල් මිල ඩොලර් 80ක මිලට ස්ථාවර වේවි කියා විශ්වාස කරනවා. මේ අනුව අපේ රජය ඉතා වාසනාවන්තයි. මිල පිළිබඳ ව ජාත්‍යන්තර තත්ත්වය බලපෑම ගැන සැලකිලිමත් වීමට සිදුවෙන බවත් කෘෂි නිෂ්පාදනය අලුත් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    විවාදය අවසානයේ නියමයන් සම්මත විය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya