මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රස්තවාදය මැඬලන්නට සැවොම එක්වෙමු - ජනපති

    ඔක්තෝබර් 23, 2014

    රටවල් කිහිපයක මෙන් ම කැනඩාවේ ද ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වැඩිවීම සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරන බවත් ත‍්‍රස්තවාදී උවදුර තුරන් කිරීමට සම හවුල්කරුවන් වශයෙන් අප සැවො ම එක්විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (22) කැනඩා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වූ වෙඩි හුවමාරු සම්බන්ධයෙන් සිය අදහස ට්විටර් ගිණුම මත පණිවුඩයක් තබමිනි.

     

    කැනඩා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනඩා අගනුවර රාජකාරියේ සිටි සෙබළෙකු වෙත මෙම ප‍්‍රහාරය පළමු ව එල්ල වූ බවත් පසු ව තුවක්කුකරුවෙකු පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක් සිදු කළ බවත්ය. කෙසේ වෙතත් කැනඩා රජය ත‍්‍රස්ත අවදානම සම්බන්ධයෙන් දැනුම් දී පැය කිහිපයකට පසු මෙම ප‍්‍රහාරය සිදුවීම විශේෂත්වයකි.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya