මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද නිලධාරී පුරප්පාඩු පිරවීමට පියවර ගන්නවා

    ඔක්තෝබර් 23, 2014

    හෙද නිලධාරී පුරප්පාඩු 2015 ජූනි වන විට පිරවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    2015 ජූනි වන විට වෛද්‍ය නිලධාරී පුරප්පාඩු සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්, විශේෂ අභියාචනා ස්ථාන මාරුවීම් මඟින් හා පශ්චාත් සීමාවාසික පත්වීම් මඟින් වෛද්‍යවරුන්ට ලබා දෙනු ඇත. උපස්ථායක තනතුරු පිරවීමට පසුගිය 28 දින විභාග පවත්වා ඇත. දෙසැම්බර් 31 අවසන් වීමට පෙර සෞඛ්‍ය කාර්ය සහයක තනතුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් අනෙකුත් තනතුරු පුරප්පාඩු ද පිරවීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    දැනට බොහොමයක් රෝහල්වල නව ඒකක ආරම්භ කර ඇතත් ඒ සඳහා අනුමත කාර්ය මණ්ඩලය යාවත්කාලීන වී නොමැති බැවින් රෝහල් කිහිපයක සමහර තනතුරුවලට කාර්යමණ්ඩලවල අතිරික්තයක් පෙන්වයි. ඒ සඳහා කළමනාකරණ සේවා දොපාර්තමේන්තුව මඟින් අදාළ කාර්යමණ්ඩලය වැඩිකිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද ඉදිරියේදී අතිරික්ත කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya