මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිරිසඳ සෙවණ" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    ඔක්තෝබර් 15, 2014
    මෙතෙක් කලක් අඩු අදායම්ලාභී මෙන් ම අඩු පහසුකම් නිවාසයන් හි ජීවත් වූ තොටළඟ බ්ලූමැන්ඩල් හි සිරිල් සී. පෙරේරා මාවතේ ජනතාව වෙනුවෙන් ඉදි වූ " සිරිසඳ සෙවණ " නිවාස සංකීර්ණය රාජ්‍ය ආරක‍්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින්  ලබන 17දා සුභ මොහොතින් ජනතා අයිතියට පත් කිරිමට සියලු කටයුතු සංවිධානය කොට ඇත. 
     
    මේ අනුව නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් හා නවීන සනීපාරක‍්ෂක පහසුකම්වලින් යුක්ත වර්ග අඩි 500 ප්‍රමාණයකින් සමන්විත මෙම නිවසක් සියලු දෙනාට හිමි වේ. මෙවැනි නිවාස ඒකක 366කින් " සිරිසඳ සෙවණ " නව නිවාස සංකීර්ණය සමන්විත වන අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විශාල මුදලක් වැයකර ඇත. 
     
    නව නිවාස ලබාදීමට සමගාමී ව පුළුල් හා වැඩි දියුණු කරණ ලද මාර්ග පද්ධතිය, විනෝද උද්‍යාන, ක්‍රීඩා පිටි, ප්‍රජා ශාලා ආදී යටිතල පහසුකම් ද වඩා විධිමත් ව සංවර්ධනය කොට ප්‍රතිලාභ ලෙස ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya