මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය වට්ටකච්චි මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    ඔක්තෝබර් 12, 2014

    යාපනය වට්ටකච්චි මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (12) පස්වරුවේ සිසු අයිතියට පැවරිණි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.


     
    එම විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව හින්දු චාරිත්‍ර ඉටු කරමින් එහි සිසු දරුවෝ මහත් හරසරින් යුතු ව පිළිගත්හ.

     

    විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය.

     

    දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එම විද්‍යාලය වෙත රැස් ව සිටි අතර ඔවුහු සිය ගැටලු කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

     

    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, ෆීලික්ස් පෙරේරා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර් යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.
     


    HC/pmu_pix by Chandana Perera

     

    Mahindodaya Technical Laboratory at Jaffna  Wadakkachi Maha Vidyalaya 1

     

    Mahindodaya Technical Laboratory at Jaffna  Wadakkachi Maha Vidyalaya 2

     

    Mahindodaya Technical Laboratory at Jaffna  Wadakkachi Maha Vidyalaya 3

     

    Mahindodaya Technical Laboratory at Jaffna  Wadakkachi Maha Vidyalaya 4

     

    Mahindodaya Technical Laboratory at Jaffna  Wadakkachi Maha Vidyalaya 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya