මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ක්‍රීඩා සංකීර්ණය ජනපති සුරතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 12, 2014
    රුපියල් මිලියන 325ක වියදමින්  සියලු පහසුකම්වලින් සමන්විත ව අංග සම්පූර්ණ ලෙස ඉදිකළ අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණය අද (12) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    ප්‍රධාන ක්‍රීඩාංගණයේ මංතීරු නවයක් සහිත මීටර් 400 ධාවන පථය, මීටර් 200ක පෙර සූදානම් ධාවන පථය, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන, ක්‍රිකට් ක්‍රීඩාංගණය, පාපන්දු, රග්බි ක්‍රීඩාංගණ, බැඩ්මින්ටන්, දැල් පන්දු, අත් පන්දු, පැසි පන්දු සඳහා ගෘහස්ථ ක්‍රීඩාංගණ, පිහිනුම් තටාකයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, භෝජනාගාරයක් සහ රථගාලකින් ද ක්‍රීඩා සංකීර්ණය සමන්විත වේ.
     
    ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, ඩබ්.බී. ඒකනායක අමාත්‍යවරු ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, එස්. මුතුකුමාරණ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE ncp sport complex 1
     
     
    HE ncp sport complex 2
     
    HE ncp sport complex 3
     
    HE ncp sport complex 43

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya