මේ යටතේ රුපියල් මිලියන 115ක මුදලක් උතුරු පළාතේ ජනතාවට වන්දි වශයෙන් ප්‍රදානය කෙරිනි. එය සංකේතවත් කරමින් පවුල් 25ක් සඳහා වන්දි ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රසිරි ගජධීර, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන හුනයිස් ෆාරුක්, මුරුගේසු චන්ද්‍රකුමාර, ඒ.එච්.එම්. අස්වර්, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB