මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු වතාවට එකවර ඉඩම් ඔප්පු 20,000ක්

    ඔක්තෝබර් 12, 2014
    එල්ටීටීඊ බැංකුවලට උගස් කර තිබියදී රාජ සන්තක වු උතුරේ ජනතාවගේ රන් භාණ්ඩ නැවත එහි නියම හිමිකරුවන්ට බෙදාදීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු විය.
     
    උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්‍ර හා දීමනා පත්‍ර 20,000ක් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඉඩම් ඔප්පු 20,000ක් එකවර ප්‍රදානය කෙරුණු  ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වෙයි. 
     
    "නිරවුල් බිමක හිමිකම් දියුණුවේ පදනමයි" තේමාව යටතේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි මෙම ඉඩම් බලපත්‍ර ලබාදීම සිදු විය.
     
    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රසිරි ගජධීර, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හුනයිස් ෆාරුක්, මුරුගේසු චන්ද්‍රකුමාර, ඒ.එච්.එම්. අස්වර් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE north oppu 1
     
     
    HE north oppu 2
     
    HE north oppu 3
     
    HE north oppu 4
     
    HE north oppu 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya