මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ඉඩම් හිමිකම් නොතිබුණු පවුල් 20,000කට ජනපති අතින් ඉඩම් හිමිකම් බලපත්

    ඔක්තෝබර් 11, 2014
    නිරවුල් බිමක ඉඩම් හිමිකම තහවුරු කරමින් උතුරු පළාතේ මෙතෙක් ඉඩම් හිමිකම නොතිබුණු පවුල් සඳහා ඉඩම් බලපත්‍ර/ දීමනාපත්‍ර 20,000ක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‍හෙට (12) කිලිනොච්චියේදී සිදු කිරීමට නියමිතය.
     
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම් සභාවේ නිර්දේශ මත පදනම් ව ක්‍රියාත්මක කරනු ලබන උතුරු නැගෙනහිර රජයේ ඉඩම් ගැටලු විසඳීමේ විශේෂ වැඩසටහන යටතේ උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් මේ ඉඩම් බලපත්‍ර/දීමනාපත්‍ර ලබාදීම සිදු කරනු ඇත. මෙතරම් විශාල ජන පිරිසකගේ ඉඩම් අයිතිය ලංකා ඉතිහාසයේ එකවර තහවුරු කරන ප්‍රථම අවස්ථාව මෙය බව ද ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
     
    උතුරු පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව , ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය එක්ව මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya