මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ඉදිරි දැක්මක් සහිත ව සංවර්ධනය කරා යන රටක් බවට පත් වී තිබෙනවා

    ඔක්තෝබර් 10, 2014

    රටේ  සංවර්ධනයේ නැග්ම දිවි නැඟුම බවත් මහින්ද චින්තනය අනුව සිදු කරන මේ වැඩපිළිවෙළ නිසා යහපතක් උදා වී තිබෙන අතර ශ්‍රී ලංකාව ඉදිරි දැක්මක් සහිත ව සංවර්ධනය කරා යන රටක් බවට පත් වී තිබෙන බවත් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    රටේ ආර්ථීක සංවර්ධනය නිසා බඩු මිල ශීඝ්‍රයෙන් අඩුවෙමින් යන අවස්ථාවක මෙවැනි යෝජනාවක් ගෙන ඒම ගැන කනගාටු වෙනවා. ප්‍රේමදාස මහතා ගම් උදාව ක්‍රියාත්මක කරන විට විපක්ෂය ඊට සමච්චල් කළේ නැහැ. හේතුව ඒ වැඩපිළිවෙළ නිසා ජනතාවට සේවයක් සිදුවීමයි. නමුත් අද ඒ ප්‍රේමදාස මහතාගේ පුතා ජනතාවට විශාල සේවයක් සිදුකරන දිවි නැඟුම වැඩපිළිවෙළට සමච්චල් කිරීම කනගාටුවට කරුණක් බව ද ඔහු අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya