අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප රජය සමයේ සමෘද්ධිය එපා කියා ප්‍රතිලාභින්ගෙන් බලෙන් ලිපි ලබා ගත්තා

    ඔක්තෝබර් 10, 2014

    එදා එජාප රජය සමයේ සමෘද්ධිය එපා කියා ප්‍රතිලාභින්ගෙන් බලෙන් ලිපි ලබා ගත් බවත් අද අපේ පළාත්වල සමෘද්ධි ප්‍රතිලාභින් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ පිරිස බවත් විදේශ රැකියා හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ  යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    සමෘද්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වී නෑ. එහි ප්‍රතිලාභ ලබා දීමේදී එක් එක් පවුල්වල දේශපාලනය සලකා නෑ. සමෘද්ධිය, දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ උපතේ සිට විපත දක්වා ම ප්‍රතිලාභ ලබා දෙනවා. මේ ප්‍රතිලාභීන්ට රජය විශාල වශයෙන් ආධාර උපකාර කරනවා. ඒවා මුදල් වශයෙන් පෙනෙන්නේත් ගණන් ගැනෙන්නේත් නැහැ. සමෘද්ධිය නිසා දුගීභාවය අඩු වී තිබෙනවා. මේ වන විට පවුල් 679,000ක් සමෘද්ධිය හා දිවි නැඟුම යටතේ සවිබල ගන්වා තිබෙනවා. ඒ අනුව මේ ව්‍යාපාරය මේ රටේ දුගීභාවය නැතිකිරීමට අසමත් වුණා කියා කියන්න බැරි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya