අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම දෙපාර්තමේන්තුව මේ රටේ ජනතාවට වැඩකරන ආයතනයක්

    ඔක්තෝබර් 10, 2014

    විපක්ෂය ප්‍රකාශ කරන ආකාරයට දිවි නැඟුම දෙපාර්තමේන්තුව හොර ගුහාවක් නොවන අතර මේ රටේ ජනතාවට වැඩකරන ආයතනයක් බවත් ගෘහ ඒකක මූලික කර ගනිමින් ජනතාව සවිබල ගැන්වීම දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ එක් අරමුණක් බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ  යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    අතීතයේදී අපි සියලු දේ සියලු අවශ්‍යතා ගෙවත්තෙන් ඉටු කර ගත්තා. නමුත් විවෘත ආර්ථිකයත් සමඟ අපේ ජනතාව සියලු දේ පිටරටින් ගෙන ඒමට පුරුදු වුණා. දිවි නැඟුම දෙපාර්තමේන්තුව යටතේ මේ ජනතාවගේ, පවුල් ඒකකවල ගෙවතු වගාව පුළුල් කර තිබෙනවා. සෑම ගෘහ ඒකකයක් ආශ්‍රිත ව ම තම ගෙවත්තේ වගා කටයුතු සඳහා පෙළඹවීමක් මේ දෙපාර්තමේන්තුව මඟින්  සිදු කරනවා. දිවි නැඟුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමත් සමඟ එහි සේවකයන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන් බවට පත් ව තිබෙනවා යැයි ද ඔහු කීය.

    සමෘද්ධි බැංකුව ස්ථිර බැංකුවක් බවට පත් ව තිබෙනවා. අද වන විට සමෘද්ධි ප්‍රතිලාභින්ට රුපියල් 5,000ක මුදලක් ණය ලෙස ලබා ගත හැකියි. ඒ වගේ ම සමෘද්ධි ප්‍රතිලාභින්ට රුපියල් 50,000ක ණයක් අඩු පොලී යටතේ ලබා ගත හැකියි. සමෘද්ධි ප්‍රතිලාභීන් 14 ලක්ෂයකට අධික පිරිසක් සිටිනවා. මේ ප්‍රතිලාභින්ගේ අරමුදල්වලින් නිවාස 1,800ක් අපි හදා තිබෙනවා. සමෘද්ධි වැඩසටහන යටතේ සෑම අංශයක් ම ආවරණය වන පරිදි ණය ලබා දෙනවා. ජන සවිය දෙපාර්තමේන්තුවක් නොවෙයි. ඒක ඒ ඒ අවස්ථාවේ හැටියට ඡන්දය ගන්න කළ ව්‍යාපෘතියක්. නමුත් දිවි නැඟුම එහෙම එකක් නොවෙයි. දෙපාර්තමේන්තුවක් ලෙස පිහිටුවා, නිසි සැලැස්මක් මත දිවි නැඟුම කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya