මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවල විශිෂ්ට යුගයක් 2005න් පසුව නිර්මාණය වුණා

    ඔක්තෝබර් 09, 2014

    පළාත් පාලන ආයතනවල විශිෂ්ට යුගයක් 2005න් පසුව නිර්මාණය වී ඇති බවත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට කොන්ද කෙළින් තබා ගෙන සිය රාජකාරී කටයුතු ඉටුකිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    දිවි නැඟුම, මග නැඟුම, ගම නැඟුම වැනි වැඩසටහන් මඟින් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මේ රටේ ආර්ථිකයට ඍජුව දායක කරගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළා. ඔවුන්ට නිශ්චිත කාර්යභාරයක්, වගකීමක් ලබා දුන්නේ අපි යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. 



    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya