මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කළා

    ඔක්තෝබර් 09, 2014

    මේ වන විට කිලෝ ග්රෑම් 12.5ක් බර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර ඇතැයි කියන සතුටුදායක පුවත මේ සභාවට ඉදිරිපත් කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    ගිය මාසේ විදුලි බිල 25%කින් අඩු කළ බවත් මේ වන විට ජනතාවට විශාල සහන රැසක් ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya