මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවලට රජය විශාල ලෙස මුදල් ලබා දී තිබෙනවා

    ඔක්තෝබර් 09, 2014

    පළාත් පාලන ආයතනවලට රජය විශාල ලෙස මුදල් ලබා දී තිබෙන බව ද එක් ප්‍රාදේශීය සභාවක් සඳහා වසරකට රුපියල් මිලියන 12ක් පමණ දී තිබෙන බව ද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එම්.එල්. අතාවුල්ලා මහතා පවසයි. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    පළාත් පාලන ආයතනවලට රජය වාහන ලබා දුන්නා. මාර්ග හැදීමට මුදල් දුන්නා. පළාත් පාලන මන්ත්‍රීවරුන්  ජනතාව අතරට ගොස් සමීපව අද වැඩ කරනා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ප්‍රාදේශීය සභාවේ අය-වැය පැරදුනත් සභාපතිවරයාට දිගට ම බලයේ සිටීමට නීතිය හැදුවේ එක්සත් ජාතික පක්ෂයයි. තමන්ගේ ගෝලයෝ ටික රැකගැනීම සඳහා එදා පනත හැදූවා. 

    කොට්ඨාස සීමා නිර්ණය අවසන් කළ වහා ම ඡන්දය තියෙනවා. මේ සංශෝධන ඉදිරිපත් කළේ අනෙක් පක්ෂවල එකඟතාව අනුවයි. එසේ එකඟ වී කටයුතු කරන විට වෙනත් කතා කීම සුදුසු නැහැ. සීමා නීර්ණය කිරීමේ කොමිසම ඉතා හොඳින් රාජකාරී කරගෙන යනවා යැයි ද ඔහු පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya