මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතා සාර්ථක පරිපාලනයක් පළාත් පාලන ආයතනවලින් සිදු වෙනවා

    ඔක්තෝබර් 09, 2014

    ඉතා සාර්ථක පරිපාලනයක් පළාත් පාලන ආයතනවලින් සිදු වෙන බවත් එය තවදුරටත් ශක්තිමත් කරමින් හොඳ සංශෝධනයක් ගෙනවිත් තිබෙන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    30 වසරක් පැවති යුද්ධය නිමා කර රට සංවර්ධනයක් කරා යමින් සිටියදී ඒ සියල්ල අමතක කරමින් එජාප මන්ත්‍රීවරුන් කතා කරනවා. නමුත් රජය දිගින් දිගට ම ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය සහන ලබාදෙමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya