අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන පනත සංශෝධනයට නව කෙටුම්පත පළාත් සභා ගැන මතු ව ඇති ප්‍රශ්න විසඳීමටයි

    ඔක්තෝබර් 09, 2014

    පළාත් සභාව සම්බන්ධයෙන් ප්‍රශ්න නිර්මාණය වූ බවත් එයට විසඳුමක් ලෙස පළාත් පාලන පනත සංශෝධනය සඳහා නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත් පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමිනි.

    පසුගිය කාලයේ ප්‍රාදේශීය සභා පවත්වාගෙන යාමේදී ඒවායේ අය-වැය සම්මත කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දුන් බවත් ඒ පිළිබඳ දිගින් දිගට ම සාකච්ඡා කර මේ නව පනත් ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya