අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යාංශය සඳහා ලබන වසරේ අය-වැයෙන් විශාල මුදලක්

    ඔක්තෝබර් 09, 2014

    ධීවර අමාත්‍යාංශය සඳහා ලබන වසරේ අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් ධීවර නිවාස ව්‍යාපෘතිය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කරදිය ධීවර ප්‍රජාවට කාර්මික උපකරණ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ යටතේ කරමල් දැල්වර්ග 2,250,000ක්, මරුවැල් ආම්පන්න, ජීවිත ආරක්ෂක කබා ලබාදීමට කටයුතු කර ඇත. ඉන්ධන සහනාධාරයට විකල්පයක් වෙනුවට ධීවර ආම්පන්න ලබාදීම සඳහා ධීවර සමිති සමඟ සාකච්ඡා කර කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මේ සහනාධාර ලබා දෙන්නේ ඉන්ධන සහනාධාරයේ මුදලට සමානවයි. දැන් ඉන්ධන මිල අඩු කර ඇති නිසා භූමිතෙල් මිල ද රුපියල් 20කින් අඩු කර ඇත. මේ නිසා සැප්තැම්බර් 20 දින සිට ඉන්ධන සහනාධාරයත් ධීවර උපකරණත් ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya