අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ඨාස ක්‍රමය නැති කර අනුපාත මනාප නාඩගම ඇති කළේ එජාපයයි

    ඔක්තෝබර් 09, 2014

    කොට්ඨාස ක්‍රමය නැති කර අනුපාත මනාප නාඩගම ඇති කළේ එක්සත් ජාතික පක්ෂය බවත් එජාපයට ඒ මැතිවරණ නීතියෙන් වැඩේ වරද්දා ගත් බව දැන් තේරිලා ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    එකඟ වූ පරිදි පනත් සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ලංකාවේ පළාත් පාලන ක්‍රමයට ස්ථිර බවත් ඇති කරමින් අලුත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් මෙ රටේ පළාත් පාලන ක්‍රමය වෙනස් කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. කොට්ඨාස ක්‍රමය නැති කළේ එජාපයේ මෝඩ ආණ්ඩුවයි. 1994දී ඒ අයට වැඩේ වැරදුන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    හොර ඡන්ද දැමීම නවත්වන්න ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරමින් නීතියක් ගෙන ආවා. ඒක කලින් මැතිවරණ නීතියේ තිබුණත් ඒක නැති කළේ එජාපයයි. හොර ඡන්ද දාන්න ඕන නිසයි ඒ දේ කළේ. පරිගණක ක්‍රමය යටතේ දැන් සියලු ම ඡන්ද දායකයන්ගේ නාම ලේඛනයක් තියෙනවා. මේ ආණ්ඩුවයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළේ. මේ පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බව විශේෂ කාරක සභාව නිර්දේශ කළා. විද්‍යුත් ඡන්ද ගණක යන්ත්‍රය හඳුන්වා දෙන්න මැතිවරණ කොමසාරිස් යෝජනා කර ඇත. එය ඉන්දියාවේ, බංග්ලාදේශයේ ක්‍රියාත්මකයි. මේ මඟින් මැතිවරණ සඳහා යන වියදම අඩු වෙනවා. එය ක්‍රියාත්මක කරන්න අප එකඟයි. තැපැල් ඡන්ද ක්‍රමයේ යම් යම් වෙනස්කම් කළ යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ආබාධිත ජාතික සම්මේලනය තැපැල් ඡන්ද සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ඡන්ද ක්‍රමය දියුණු කර අලුත් ඡන්ද ක්‍රමයකට අප යා යුතුයි. අද ධනවාදය ලොව පුරා පැතිර යන අවස්ථාවක මූල්‍ය බලය ඡන්ද සඳහා පාවිච්චි කරන අවස්ථාවක් පැමිණ ඇති බවත් මේ නිසා ඡන්ද නීති වඩාත් ශක්තිමත් කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya