අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ" පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නො වේ

    ඔක්තෝබර් 09, 2014

    ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද "අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ" නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව සභාවට දැන්වීමට කැමැති බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවේදනයක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ නිවේදන යටතේ සභාවට ඉදිරිපත් කරමිනි.

    එම නිවේදනයේ සඳහන් පරිදි, "ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධන, පනත් කෙටුම්පතට එකතු කිරීමට යටත් ව එම පනත් කෙටුම්පතේ විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට 123(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි" යනුවෙන් ද සඳහන් වේ.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya