අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වූ සංශෝධනවලට පාර්ලිමේන්තු සභාවේ දී විරෝධය නොපෑ යුතුයි

    ඔක්තෝබර් 09, 2014

    පළාත් පාලන ආයතන පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත් සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එකඟ වූ සංශෝධනවලට පාර්ලිමේන්තු සභාවේ දී විරුද්ධ පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වීම ගැන අද (09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විරෝධය පළ කළේය.


    මෙහිදී අමාත්‍යවරයා එජාපයට එක මතයක් නොමැති වීම ගැන ද කනගාටුව ප්‍රකාශ කෙළේය.


    සංශෝධන පනත් කෙටුම්පත් 05ක් අනුමැතිය සඳහා විවාදයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනවලට විරුද්ධත්වය පළ කරන ලදී.


    මේ අවස්ථාවේදී මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා, කෙටුම්පතකට කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සඳහා සංශෝධන ගෙන ඒමට රජයට හැකියාව ඇති බවට පෙන්වා දුන් අතර එහිදී විරෝධතාව දක්වන ලෙස පවසා සිටියේය.

    මේ සංශෝධන පනතේ මූලික හරයට පටහැනි බවට විජේදාස රාජපක්ෂ මහතා කළ චෝදනාව මෙහිදි ප්‍රතික්ෂේප කළ දිනේෂ් ගුණවර්ධන මහතා අප සංශෝධන ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී වූ එකඟතාවන් මත බවත් එය නැහැ කියා කියන්න එපා කියා ඉල්ලා සිටින බවත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya