අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන පනත් සංශෝධනය සාධාරණ ක්‍රියාවලියක්

    ඔක්තෝබර් 09, 2014
    මේ වන විට පළාත් පාලන ආයතන තේරී පත්වූයේ පැරණි නීතිය යටතේ නිසා මෙවැනි සංශෝධන ඉදිරිපත් කළ බවත් මෙය සාධාරණ ක්‍රියාවලියක් බවත් ඉංජිනේරු, නිවාස, ඉදිකිරිම් හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    ජාතික හැඳුනුම්පත ඡන්ද භාවිත කිරීමට අනිවාර්ය කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී තිබෙනවා. ගමේ සංවර්ධනයට මේ පළාත් පාලන ආයතනවලින් විශාල සේවයක් සිදු වෙන නිසා එම ආයතන ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya