අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනාප ක්‍රමය වෙනස් කර අනුපාත ක්‍රමය ගෙනාවේ රණසිංහ ප්‍රේමදාසයි

    ඔක්තෝබර් 09, 2014

    මනාප ක්‍රමය වෙනස් කර අනුපාත ක්‍රමය ගෙනාවේ රණසිංහ ප්‍රේමදාස මහතා බවත් අද සජිත් මහත්තයාගේ කතාව නිසා එතුමාටත් අපහාස වෙනවා යැයි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී මහනගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත හා පළාත් පාලන ආයතනවල පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

    හැටේ දශකයේ තිබුණේ ගම් සභා ක්‍රමයයි. මහ නගර සභාවට මන්ත්‍රීවරුන් තේරී පත් වුණේ මනාප ක්‍රමයෙන්. මේ ක්‍රමය වෙනස් කළේ කවුද කියලා සජිත් මහත්තයට අද අමතක වෙලා.  එතුමා කියනවා මේ පනත මඟින් තක්කඩි හොරු ආරක්ෂා වෙනවා කියා. ඒ කියන්නේ ඔහුගේ පියාත් තක්කඩි හොරු ආරක්ෂා කරලා යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මේ පනත් සංශෝධනය ඉතා හොඳයි. පළාත් පාලන ආයතනවල අය-වැය පරාජයවීමෙන් සභාපති ධූරය අහිමි වූ අයට නැවත සභාපතීත්වය ලබා දෙන්න යැයි මමත් යෝජනා කරනවා. මොකද මේ අය මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයයි. මහජන ඡන්දයෙන් එන අය සභාපති පුටුවෙන් ඉවත් කරන්න මන්ත්‍රී කණ්ඩායමකට බැහැ. සභාපති එක්ක තිබෙන වෛරයට සමහර විට අය-වැය පරාජයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. සජිත් මහත්තයා පළාත් පාලන අයට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා කතා කළා. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ යෝජනාව  සඳහන් කරන්න කියා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග  කරන බවත් එතුමා නිකම් මාධ්‍යයට විතරක් කතා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya