අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරා වසර 30ක නිවාස හා ජනාවාස මෙහෙවරට ජනපති අතින් සම්මාන

    ඔක්තෝබර් 07, 2014

    1984 වසරේ සිට නිවාස හා ජනාවාස ක්ෂේත්‍රය වෙනුවෙන් නොකඩවා සිදු කරන ලද සේවය සහ 1986 වසරේ සිට ලෝක ජනාවාස දින සංවර්ධන වැඩසටහන් හා සැමරුම් කාර්යයන් වෙනුවෙන් 28 වසරක් තුළ සිය දායකත්වය ලබා දුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරී සහ ජන සෙවණ ජාතික නිවාස ලේකම් කාර්යාලයේ වත්මන් උපදේශක ලක්විජය සාගර පලන්සූරිය මහතා ඔක්තෝබර් 06 දිනය යෙදුණු 2014 ලෝක ජනාවාස දින නිමිත්තෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සම්මානයෙන් පුදනු ලැබීය.

     
    මේ අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් විමලසිරි පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya