අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 07, 2014
    ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ කොළම, සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
     
    ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ කාර්මික සම්බන්ධතා හා වෘත්තීමය තත්ත්වය නගාසිටුවීම මෙන් ම සුරැකීමෙහිලා මෙතෙක් පැවති අඩුවක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමය පසුගිය ජූලි මස ආරම්භ කෙරිණි.
     
    ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ නිල සමාරම්භය මෙසේ ජනාධිපතිතුමා අතින් මෙහිදී සනිටුහන් කෙරිණි.
     
    රටේ සංවර්ධන ක්‍රියාදාමයට ඉංජිනේරුවන් දායක කර ගනිමින් ජනාධිපතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.
     
    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති , මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි, ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් රන්ජිත් රූබසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Chandana Perera
    01 1
     
     
    02
     
    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya