මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපයේ ශ‍්‍රී ලාංකිකයෝ ජනපතිට සහය පළ කරති

    ඔක්තෝබර් 04, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ විවිධ සංවිධාන නියෝජනය කරන විශාල පිරිසක් ඉතාලි වේලාවෙන් ඊයේ (03) සවස රෝමයේ කැවලියරි (Cavalieri) හෝටලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වී එතුමාගේ ගමන්මගට පූර්ණ සහය පළ කළහ.

     

    රටේ සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය, ජාතික සංහිඳියාව සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය ඉදිරියටත් අවශ්‍ය බව ඔවුහු කියා සිටියහ.

     

    “මව්බිමෙන් ඈත් ව සිටියත් අපි අපේ මව්බිමට ආදරෙයි. රටේ අනාගතය ගැන කලින් අපට බොහෝ සැක සංකා තිබුණා. ඔබතුමා ත‍්‍රස්තවාදය අවසන් කොට රට නිසි මගට ගැනීම නිසා බිය පහ වී ගියා“ ඔවුහු සඳහන් කළහ. බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය වැනි යුරෝපා සංගමයට අයත් රටවල් රැසකින් පැමිණ සිටි කණ්ඩායම බෞද්ධ භික්‍ෂූන් වහන්සේගෙන් කතෝලික පූජකවරුන්ගෙන් හා සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගෙන් සමන්විත විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිතවතුන් සේ ම සෙසු දේශපාලන පක්‍ෂවලට හිතවත් අය ද ඔවුන් අතර වූහ. දේශපාලන, ජාති හෝ ආගම් බේද නොසලකා මබ්විමට කරන කැපවීම සිය පිළිවෙත බව ඔවුහු ප‍්‍රකාශ කළහ.

     

    “අපි තිස් වසරක ත‍්‍රස්තවාදයෙන් පීඩා වින්ඳා. අපි සටන් කළේ බෙදුම්වාදය පරාජය කිරීමට මිස දෙමළ ජනයාට එරෙහි ව නො වේ. ත‍්‍රස්තවාදී බෙදුම්වාදය සියලු ජන කොටස්වලට අනර්ථයක්“ රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැමිණ සිටි පිරිසට පැවසීය. ගැටුම් අවසන් වීමෙන් පසු සමාජ, ආර්ථික ප‍්‍රගතිය පැහැදිලි කළ එතුමා උතුරේ සංවර්ධනය සඳහා ගත වූ පස් වසර තුළ වැය කළ මුදල සෙසු පළාත්වලට කළ වියදම මෙන් තුන් ගුණයක් බව පෙන්වා දුන්නේ ය. ඉතා කෙටි කලක් තුළ අවතැන්වූවන් යළි පදිංචි කොට සටන්කරුවන් පුනරුත්ථාපනය කළ බවත්, ළමා සෙබළුන් නිදහස් කළ බවත් ජනාධිපතිතුමා කීය. තම රජය යාපනයේ ඉදිකළ නවීනතම රෝහල දිවයිනේ සෙසු සියලු රෝහල්වලට වැඩි පහසුකම්වලින් සමන්විත බව පැවසූ ජනාධිපතිතුමා, “මේ ප‍්‍රගතිය නොදකින්නේ කලින් එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයන් අතලොස්සක් සහ ඔවුන්ට උඩ ගෙඩි දෙන අය පමණයි. ඔවුන් වෙනස් කිරීමට නම් මට හැකි වූයේ නෑ“ පිරිස සිනහ ගන්වමින් එතුමා කීය.

     

    පසුගිය අයවැයෙන් උතුරු පළාත් සභාව සඳහා රු. මිලියන 1020ක් වෙන් කළ ද පළාත් සභාව මෙතෙක් වැය කර ඇත්තේ මිලියන 245ක් පමණකැයි එතුමා පෙන්වා දුන්නේ ය.

     

    ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ විට දහස් ගණනින් ජිනීවා නුවරට ගොස් ඊට විරෝධය පළ කරමින් දැක් වූ ජාති හිතෛෂීභාවය පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයනට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සිය ස්තුතිය පුද කළේය. “ඔබ අපේ තානාපතිවරු. ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින අන්තර්ජාතික යුද්ධය ජය ගන්න සහය වන්න ඔබට පිළිවන්“ එතුමා පැවසීය.

     

    එහිදී යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ, ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ සහ ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරු හමුවට එක් ව සිටියහ.

     

    ඊයේ (03) දවස අවසන ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා රෝමයේ ඉන්ෆනෙප්ටෝ හි ශාන්ත තෝමස් දේවස්ථානයේ පැවැත්වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගී වූහ. අති උතුම් ඇන්ජලෝ බග්නාස්කෝ (Angelo Bagnasco) කාදිනල්තුමා සහ ඉතාලි රදගුරු සමුළුවේ සභාපති අති උතුම් බර්නාඩ් ලෝ (Bernard Law) කාදිනල්තුමා ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/NP/IMU_Pix by: Sudath Silva

     

    President met Sri Lankan expatriates in European Union countries

     

    President launched the official website of the Sri Lanka Freedom Party -EU branch

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya