නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතා ලක් ඉතිහාසයේ දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දුන් මුදල් ඇමතිවරයෙක් - අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

    අගෝස්තු 09, 2024

    අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතා ලක් ඉතිහාසයේ දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දුන් මුදල් ඇමතිවරයෙක්  බවත්, අපේ රටේ නිදහස් වෙළෙඳ ආර්ථිකය පුළුල් වූයේ රොනීද මෙලේ අමාත්‍යවරයාගේ කාලයේ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතා වෙනුවෙන්,  අද (09) පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “රොනී ද මැල් මැතිතුමා පාර්ලිමේන්තුවට පළමුව ආවේ 1967 අතුරු මැතිවරණයක් ජයගෙන, දෙවිනුවර මැතිවරණ කොට්ඨාසයෙන්. ඔබතුමාම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම 1967 මාර්තු සිට 1988 සැප්තැම්බර් දක්වාත්, 1994 ජූනි මස සිට 2004 පෙබරවාරි මාසය දක්වාත් පාර්ලිමේන්තුවේ අවුරුදු 30 මාස 05ක දීර්ඝ කාලයක් කටයුතු කළා. එතුමාගේ පාර්ලිමේන්තු කාලය 1977 සිට 1988 දක්වා වසර 11ක් වූ ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. එම කාලය තුළ දීර්ඝ ආර්ථික පරිවර්තනයකට එතුමා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා සමග දැවැන්ත අභියෝග රාශියකට මැදිහත් වූ මුදල් ඇමතිවරයා හැටියට ලක් ඉතිහාසයේ සාක්ෂි දරනවා ඇති. අපේ රටේ ආර්ථිකය පළල් උනේ ඒ මුදල් ඇමතිතුමාගේ කාලයේ. අපේ රටේ ආර්ථිකයේ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඒකාබද්ධ වෙමින් වර්ධනය වෙන්න පුළුවන් මාර්ග සොයා ගත්තේ, එතුමා මුදල් ඇමතිතුමා හැටියට මූල්‍ය ප්‍රතිපාදන හා අයවැය ‍ලේඛන මගින් ඒ ප්‍රතිපාදන වෙන් කළ නිසයි. අපේ රට උරුමකම් කියන විශාලතම පරිවර්තනයක් වන නිදහස් වෙළඳපොළ ආර්ථිකය, ඒ වගේම ඒ මගින් ඇතිකළ ගමනේදී රොනී ද මැල් මැතිතුමාට ඉතාම කෘතහස්ථ භාවයෙන් කටයුතු කරන්න පුළුවන් වුණු බව අපට දන්නවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya