නොවැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

    අගෝස්තු 08, 2024

    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි.

    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද (08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. අද පෙරවරු  10.30 සිට මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවති අතර එහිදී උක්ත පනත් කෙටුම්පත් සම්මත කිරීමේ වැදගත්කම පිළිබඳ මන්ත්‍රීවරයන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී. විවාදය අවසානයේ එළැඹි කාරක සභා අවස්ථාවන්හිදී පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

    වෛද්‍ය ආඥා පනතේ වගන්ති සංශෝධනය කිරීම අරමුණ කර ගත් මෙම වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි 02 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya