වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳව අද(07) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළඹ අද වන විට අපේ රටේ සමස්ත ආර්ථිකයම කළමනාකරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට , අපේ රටට ඛනිජ තෙල්, පොහොර, බෙහෙත් හේත්, අහාර පාන තිබෙනවා. අයවැය සෑදීමට, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙක් සහනාධාර ගෙවීමට හැකි වී තිබෙන්නේ මෙම ගිවිසුම ප්‍රකාරව කටයුතු කිරීම නිසයි. ඉදිරියේදී කටයුතු කිරීමට සිදු වන්නේත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව කටයුතු කළොත් පමණයි.
නමුත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා, අද රටටත් ජාත්‍යන්තරයටත් සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, විපක්ෂය බලයට පත් වුණොත් ජ්‍යාත්‍යන්තරය සමග ඇති කර ගත් ණය ගිවිසුම වෙනස් කරනවා කියලා. එසේ කළහොත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ සති දෙකක් හෝ මාසයක් පමණයි. මම කියනවා එහෙම වුණොත් ලබන වසරේ අය වැය ලේඛනය හදන්න බැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීර්ණ වැඩපිළිවෙළ යටතේ අපි ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම අනුව 2025 වසරේදී ජාත්‍යන්තර මුදල් හිඟයක් ඇති වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 5018. ඉන් විස්තීර්ණ ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 663ක මුදලක් ලැබෙනවා. 2025 අය වැය හදන විට ඩොලර් මිලියන 700ක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් දෙන්නත්, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් දෙන්නත් පොරොන්දු වෙලා තිබෙනවා. ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙයි කියලා අපි හිතනවා. අපි ලෝකයට ප්‍රතිඥා දීලා රට මේ තත්වයට ගෙනත් තිබෙනවා.ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල් නිල ණය හිමියන් ලෙස රැස් වෙලා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමකට එලඹිලා තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණත් මෙම ගිවිසුම් වෙනස් කරන්න බැහැ.
අපි එසේ කරන බවට පනත් 05ක් මෙම සභාවේ සම්මත කර තිබෙනවා.මොන හේතුව වුණත් අපිට මුදල් අච්චු ගහන්න බැහැ. සවරින් බොන්ඩ් තියලා ණය ගන්න බැහැ. මූල්‍ය කළමනාකරණ පනතක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඉස්සර වගේ අයවැය ඕන විදියට හදන්න බැහැ.
ආණ්ඩු වෙනස් වුණා කියලා මේවා වෙනස් කරන්න බැහැ.
2032 වසර වන විට රටේ නොපිය වූ මුළු ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 95කට ගේන්නම ඕන. අනුන්ගේ ණය අපි අඩු කර ගන්න ඕන. අවුරුද්දක දළ මූල්‍ය අවශ්‍යතාව වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ඉක්මවිය නොහැකියි. විදේශීය ණය සේවා කරන ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ඉක්මවිය නොහැකියි.