මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට ජීවත්වීමට ලෝකයේ ඇති හොඳ ම රටවල් අතරට අද ශී‍්‍ර ලංකාව පත් ව තිබෙනවා

    ඔක්තෝබර් 01, 2014

    ජනපති ලෝක ළමා දින සැමරුම් උත්සවය අමතමින් පවසයි


    දැන් අපේ රටේ දරුවන්ගේ අයිතිවාසිකම් ඉතා හොඳින් රැකෙන බව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

     

    දරුවන්ට ජීවත්වීමට ලෝකයේ ඇති හොඳම රටවල් අතරට අද ශී‍්‍ර ලංකාව පත්ව ඇති බව ද ජනාධිපතිතුමා පැවසූවේ අදට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් මහරගම ජාතික යොවුන් රඟහලේ අද (01) පෙරවරුවේ පැවති ලෝක ළමා දින සැමරුම් උත්සවය අමතමිනි.

     

    ‘සෙනෙහස දී අප රකින්න’, තේමාව යටතේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු  අමාත්‍යාංශය විසින් සැමරුම් උත්සවය සංවිධානය කරනු ලැබ තිබුණි.

     

    උත්සව සභාව වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ආසියාවේ රටවල් අතරින් ශී‍්‍ර ලංකාව දිළිඳුකම තුරන් කිරීම, සියලුම ළමුන්ට ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාදීම, බිළිඳු මරණ අවම කිරීම ආදී සහස‍්‍රයේ සංවර්ධන ඉලක්ක රැසක් සපුරා අවසන් බවයි.

     

    එමෙන්ම ශී‍්‍ර ලංකාවේ වර්තමාන අධ්‍යාපනය සහශ‍්‍රයේ සංවර්ධන ඉලක්ක අතරට පැමිණ තිබෙන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා අධ්‍යාපනයේ තිබූ විෂමතා ඉවත් කර ගමටත් සම පහසුකම් ලබාදීමේ ප‍්‍රතිඵලය ලෙස අද ගමේ දරුවන් විභාගවලින් විශිෂ්ට ජයග‍්‍රහණය ලබා ගන්නා බව ද කියා සිටියේ ය.

     

    එදා ප‍්‍රාථමික අධ්‍යාපනයට ඇතුල්වූයේ දරුවන් සියයට 94ක පිරිසක් බවත් අද වන විට සියයට 98.8ක් ප‍්‍රාථමික අධ්‍යාපනයට යොමුව ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝක ළමා දිනය යෙදී ඇති අද දින සිට රටේ සියලු දරුවන් පාසල් යැවීමට අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බවද කියා සිටියේ ය. එය ආසියාවේ රටවල් බොහොමයකට නොමැති හොඳ වාර්තාවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් ඔවුන් තුළ ධනාත්මක ආකල්ප ගොඩනැගිය යුතුය. රටේ හොඳ දේ පිළිබඳ ව දරුවන්ට කියා දිය යුතු බවත් ඒ සඳහා මාධ්‍ය සතුව විශාල වගකීමක් පැවරී ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    රටක සිදුවන හොඳ දේ අගය කිරීම ආණ්ඩුවට වාසියක් වනු ඇතැයි මාධ්‍ය පටු ආකාරයෙන් නොසිතිය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී  පැවසීය.

     

    2014 ලෝක ළමා දින පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළඳවීම ද මෙහිදී සිදු වූ අතර 2014 ලෝක ළමා දිනය නිමිත්තෙන් එළිදක්වන ලද සමරු මුද්දරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. 2014 ලෝක ළමා දිනය නිමිත්තෙන් පාසල් මට්ටමින් පැවති තරගවල ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ලාංකීය දරු පරපුර වෙනුවෙන් ඉටුකරන සුවිශේෂි මෙහෙවර උදෙසා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

     

    අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඇමතිනි සුමේධා ජී. ජයසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, යූ.ජී. පද්මසිරි, බස්නාහිර පළාත් අමාත්‍යවරුන් වන උපාලි කොඩිකාර, රංජිත් සෝමවංශ, මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලෙයප්ආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/pmu_(Pix By : Chandana Perera)

     

    President Presides at World Childrens Day 1

     

    President Presides at World Childrens Day 2

     

    President Presides at World Childrens Day 3

     

    President Presides at World Childrens Day 5

     

    President Presides at World Childrens Day 4

     

    President Presides at World Childrens Day 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya