මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටේ වැඩිහිටියන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන කොටසක් - ජනපති

    ඔක්තෝබර් 01, 2014

    වැඩිහිටි ජනගහනය ඉහළ යාම බොහෝ රටවලට ආර්ථික ගැටලු මතු කරන්නක් වුව ද අපේ රටේ වැඩිහිටියන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන කොටසක් බවට පත්කර ගැනීමට අපට හැකියාව ලැබී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

     

    අදට (01) යෙදී තිබෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත.

     

    ජනාධිපතිතුමා නිකුත්කළ සම්පූර්ණ පණිවිඩය මෙසේය

     

    ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලට සුබපැතුම් පිරිනමන්නේ හද පිරි සතුටිනි.

     

    අද වැඩිහිටියන් යනු එදා අපට නිසි මග පෙන්වූ, අපගේ ආර්ථිකය, සංස්කෘතිය හා සාරධර්ම පෝෂණය කිරීමට කැප කිරීම් කළ පිරිස ය. අප ජීවත් වන ලෝකය ගොඩනැගී ඇත්තේ ද ඔවුන්ගේ ශක්තියෙනි. එබැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අභිමානයෙන් ජීවත් වීමට අවශ්‍ය සමාජ පසුබිම නිර්මාණය කිරීමට හැකි වීම අපගේ මහත් සතුටට හේතු වන්නකි. ඒ පිළිබඳව අපට ආඩම්බර විය හැක්කේ ඔවුන් අද එහි ප‍්‍රතිඵල නියමාකාරයෙන් භුක්ති විඳිනා නිසා ය.

     

    ‘කිසිවෙකු අත නොහරින එක ම එක සමාජයක්’ යන මෙවර ජාතික වැඩිහිටි දින තේමාව ලෙස යොදා ගැනීම මම මහත්සේ අගය කරමි. වැඩිහිටි ජනගහනය ඉහළ යාම බොහෝ රටවලට ආර්ථික ගැටලු මතු කරන්නක් වුව ද අපේ රටේ වැඩිහිටියන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන කොටසක් බවට පත්කර ගැනීමට අපට හැකියාව ලැබී තිබේ. සමාජ ප‍්‍රගමනය වෙනුවෙන් මහත් කැප කිරීමක් සිදුකරන වැඩිහිටි පරපුර අත් නොහැර ඔවුන් හා අත්වැල් බැඳ ගනිමින් ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට ආශිර්වාදයක් කර ගනිමු.

     

    ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට වැඩිහිටි පරපුරේ කලා හැකියාවන් දියුණු කරන්නට හා සාහිත්‍ය පෝෂණයටත් ඔවුන්ගේම නිර්මාණ ඇතුළත් ‘වැඩිහිටියෝ’ සඟරාව එළිදැක්වීමට කටයුතු කිරීම සමස්ත වැඩිහිටි පරපුරේ ගෞරවනීය අභිලාෂයන් මුදුන්පත් කරවන්නට ගත් වෙහෙසේ තවත් ප‍්‍රතිඵලයක් වශයෙන් දකිමි.

     

    සමාජ සේවා අමාත්‍යංශයේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවත්, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයත් ඒකාබද්ධ වී වැඩිහිටියා යනු නැවත වැඩ කළ හැකි සක‍්‍රීය දායකත්වයක් ලබා දෙන පිරිසක් බවට පත් කරන්නට දරණ වෑයම ඉතා ප‍්‍රශංසනීය ය.

     

    2014 ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන සැමට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරමි.

     

    HC/pmu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya