මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් වෙනුවෙන් අප ඉටු කර ඇති කාර්යභාරය මුළු ලෝකයටම ආදර්ශයක් - ජනපති

    ඔක්තෝබර් 01, 2014

    ශ‍්‍රී ලංකාව දරුවන් වෙනුවෙන් ඉටුකොට ඇති මෙහෙවර අතර, දරුවන්ට ආරක්‍ෂාකාරීව සතුටින් ජීවත් විය හැකි රටක් හැටියට ලබා ඇති ඇගයුම සිහිපත් කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වනවිට දරුවන් වෙනුවෙන් ඉටු කර ඇති කාර්යභාරය මුළු ලෝකයට ම  ආදර්ශයක් ව තිබීම සතුටට කාරණයක් බව සඳහන් කරයි.

     

    අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත.


    ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය මෙසේය

     

    මෙම වසරේ තේමා පාඨය වූ ‘සෙනෙහසින් අප රැකගන්න’ මුල් කර ගනිමින් මුළු මහත් ලෝකය ම ලෝක ළමා දිනය සමරන දා අපට ද ඉමහත් සතුටක් ගෙන දෙයි. මේ වනවිට දරුවන් වෙනුවෙන් අප ඉටු කර ඇති කාර්යභාරය මළු ලෝකයට ම ආදර්ශයක් ව තිබීම එම සතුට වැඩි වීමට තවත් හේතුවකි. ශ‍්‍රී ලංකාව දරුවන් වෙනුවෙන් ඉටුකොට ඇති මෙහෙවර අතර, දරුවන්ට ආරක්‍ෂාකාරීව සතුටින් ජීවත් විය හැකි රටක් හැටියට ලබා ඇති ඇගයුම ද මේ දිනයේ දී සිහිපත් කළ යුතුය.

     

    එසේම අධ්‍යාපන, සෞඛ්‍ය හා පෝෂණය වෙනුවෙන් කිසිදු යුගයකට නොදෙවෙනි කාර්යභාරයක් රජය ඉටුකොට තිබේ. ඒවා එක පළාතකට හෝ නාගරික ප‍්‍රදේශවලට පමණක් සීමා නොකර සමස්ත ලංකාවේ ම දරු පරපුරට දායාද කිරීමට ලැබීම අප ලැබූ වටිනා ම ජයග‍්‍රහණයකි.

     

    වර්තමානයේ අප රට අත්පත් කර ගත් සියලු ජයග‍්‍රහණයන්ගේ උරුමකරුවන් වන්නේ දැයේ දූ දරුවන්ය. ඔවුන් ගුණයහපත්කම්වලින් ආඪ්‍ය වූ පිරිසක් බවට පත් වූ විට අප ලැබූ ඒ සියලු ජයග‍්‍රහණ වඩාත් අර්ථවත් වන්නේය.

     

    දෙමාපියන් සහ වැඩිහිටියන් දරුවන් තේරුම් ගැනීමත් ඔවුන්ගේ ළමා කාලය පිළිබඳව සංවේදී ව කටයුතු කිරීමත් දරු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමට ඉතා වැදගත් බව මම දැඩි ව විශ්වාස කරමි. එය දරුවන්ට එරෙහි ව සිදුවන හිංසනයන් සමාජයෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීමට ද හේතු වන්නකි. රජය සමග පාසල, පන්සල, පල්ලිය, කෝවිල ඇතුළු ආගමික වටපිටාවන්, සිවිල් සංවිධාන සේ ම සමස්ත සමාජය ම දරුවන් වෙනුවෙන් දැඩි ව අත්වැල් බැඳගත් විට දරුවන්ගේ ආරක්‍ෂාව සැබෑ ලෙස ම තහවුරු වෙයි. මෙවර ළෝක ළමා දින තේමාව වූ ‘සෙනෙහසින් අප රැකගන්න’ යන දරුවන්ගේ ඉල්ලීම අර්ථවත් කිරීමට ඇති එකම මග ද වන්නේය.

     

    ලෝක ළමා දින උළෙල සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා!යි ප‍්‍රාර්ථනා කරමි.

     

    HC/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya