මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදර අංකුර ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයේ මුල් පිටපත ජනපතිට

    සැප්තැම්බර් 23, 2014

    සමන් අතාවුදහෙට්ටි මහතා විසින් පරිවර්තනය කරන ලද ආදර අංකුර දෙවන මුද්‍රණයේ මුල් පිටපත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.

    සුසර පොතක් ලෙස ආදර අංකුර ප්‍රකාශයට පත් කළ ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.අතාවුදහෙට්ටි මහතා රචනා කළ සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ හනමිචිය දිගේ, සේද මාවත දිගේ සහ සරවක් නදිය දිගේ කෘතීන් ද මෙහිදී ජනාධිපතිතුමන් වෙත පිරිනැමිණ. 

    ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශයට පත් කරන ලද කාල නදිය ගලා බසී ඇතුළු රාජ්‍ය සම්මානිත කෘතීන් ද ප්‍රේම් දිසානායක මහතා විසින්  ජනාධිපතිතුමන් වෙත මෙහිදී පිරිනමන ලදී.

    මෙරට ජනතාවගේ පොත් කියවීමේ රුචිය වැඩි දියුණු කරලීමේ අවශ්‍යතාව සහ ඒ ඔස්සේ පාඨක සමාජය පුළුල් කරලීමේ ක්‍රමවේදයන් සම්බන්ධ ව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ.


    ECB/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya