මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා. මහා මණ්ඩලය සහ දේශගුණික සමුළුව සඳහා ජනාධිපතිතුමා නිව් යෝර්ක් නුවරට ළඟා වෙයි

    සැප්තැම්බර් 23, 2014

    මෙම සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය සැසියට සහභාගීවීම පිණිස ඇමරිකාව බලා ගිය ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ (නිව්යෝර්ක් වේලාවෙන්) නිව් යෝර්ක් නුවර වෙත ළඟා විය.

    නිව් යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය පිළිගනු ලැබූහ.

     

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69වන නිත්‍ය සැසිවාරයට අමතරව ක්ලින්ටන් ගෝලීය ප්‍රවේශය (Clinton Global Initiative) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමක් මෙන් ම තවත් ප්‍රධාන ජාත්‍යන්තර උත්සව අවස්ථා කිහිපයකට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිතය.

     

    මෙම අඟහරුවාදා, එනම් සැප්. 23, ජනාධිපති රාජපක්ෂ මැතිතුමා 2014 දේශගුණික සමුළුව අමතා ජාතික ප්‍රකාශය සිදුකිරීමට නියමිත අතර සැප්. 24, බදාදා, එතුමා 69වන නිත්‍ය සැසිවාරයේ සිය දේශනය සිදු කරයි. මෙය ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය සැසිවාරය අමතන 7වන අවස්ථාවයි.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ, විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඒ.එච්.එම්. අස්වර් සහ නෙරන්ජන් වික්‍රමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න, සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය ටී.ආර්.සී. රුබේරු සහ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ (පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය) අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග යන මහත්ම මහත්මීහු ද ජනාධිපතිතුමන් සමඟ මෙම චාරිකාවට එක් ව සිටිති. ආචාර්ය කොහොන, ශ්‍රී ලංකා තානාපති කාරියවසම් සහ මේජර් ජෙනරාල් සිල්වා යන මහත්වරු ද සංචාරයේ නිල කටයුතු සඳහා ජනාධිපතිතුමා සමඟ සම්බන්ධ වනු ඇත.

     

    HC

    President New York.1President New York.2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya