මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ආගමික වතාවත්වල

    සැප්තැම්බර් 22, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය සෙනසුරාදා පස්වරුවේ ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ගොස් ආගමික වාතවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.


    කිරුගරුඬෙන් නිර්මාණය කරන ලද ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමාව නිරාවරණය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කළ අතර ඊට ප්‍රථම කරන ල ද පූජෝපහාරය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    දෙවිනුවර රජමහා විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාදය පළ කළහ.

     

    ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් පසු ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් විෂ්ණු දේවාලය වෙත පැමිණි සිටි අතර ඔවුන්ගේ සුවදුක් විමසීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

     

    ප්‍රදේශයේ ධීවර ප්‍රජාව මුහුණදී ඇති ගැටලු කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට නිලධාරීන් දැනුවත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

     

    අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්ම මහත්මීහු මීට එක් ව සිටියහ.

     

    ඉන් පසු දෙවිනුවර සිරි ධම්රැක සිරිවඩන විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා එහි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සීලවංශ නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ සුවදුක් විමසමින් පිළිසඳරක ද නිරත විය.

    NDH/pmu_pix by Nishanka de Silva

    01

     

     

    02

     

    04

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya