අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ජනාධිපතිතුමා නිව් යෝක් යයි

    සැප්තැම්බර් 22, 2014

    මෙම සතියේ, නිව් යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 69 වන නිත්‍ය සැසිවාරය අමතනු පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (21) පස්වරුවේ නිව් යෝක් නුවර බලා පිටත්විය.

     

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද සයදින චාරිකාවට එක්ව සිටින්නීය.


    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ‍ පොදු විවාදයට සහභාගී වන ජනාධිපතිතුමා ලබන බදාදා (24) සමුළුව අමතයි. ලෝක නායකයන් සහභාගීවන මෙම සමුළුවට ජනාධිපතිතුමා සහභාගිවන හත් වන අවස්ථාව මෙයයි. ප්‍රථමයෙන් 2006 දී එතුමා මහ මණ්ඩල සැසිය ඇමතීය.

     

    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා මහ මණ්ඩල සැසියට අමතරව, 2014 ලෝක දේශගුණික සමුළුව අමතා ජාතික ප්‍රකාශය මෙම අඟහරුවාදා (23) නිකුත් කිරීමට නියමිතය. තවද, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවකට ජනාධිපතිතුමා මුලසුන හොබවනු ඇත.

     

    මහ මණ්ඩල සැසිය අතර වාරයේ ජනාධිපතිතුමා ආසියා, මැද පෙරදිග, අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවනු ඇත.

     

    මේ චාරිකාවේ දී ජනාධිපතිතුමා සහ ආර්යාව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී මූන් මහතා පවත්වන සංග්‍රහයකට සහ ජනාධිපති බරක් ඔබාමා මැතිතුමා සහ එම මැතිනිය පවත්වන භෝජන සංග්‍රහයකටද සහභාගී වීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya