මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉදිරි දිනවල ඉන්දීය ජනපති හමුවීමට නියමිතයි

    සැප්තැම්බර් 23, 2014

    ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරි දින කිහිපයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.


    ජනාධිපතිවරයා හා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 69 වෙනි සැසිවාරයට සහභාගි වීම පිණිස ඇමරිකාවේ සය දින සංචාරයක් සඳහා පසුගිය සන්ධ්‍යාවේ පිටත් ව ගිය බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසීය.

     

    මහ සමුළුව අද (23) නිව් යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙට (24) මේ සභාව අමතනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

     

    සමුළුවට සමගාමී ව ජනාධිපතිවරයා ලොව වටා රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කරයි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya