මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ලාභ ලැබීමට කටයුතු කරන ආයතනයක් නො වේ

    සැප්තැම්බර් 23, 2014

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාණිජ පරමාර්ථයෙන් ලාභ ලැබීම සඳහා කටයුතු කරන ආයතනයක් නො වන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, රටකට ජාතික ගුවන් සේවයක් තිබිය යුතු බවත් ශ්‍රීලංකන් ගුවන්සේවය යනු මෙරට ජාතික ගුවන් සේවය බවත් පැවසීය.

     

    අද ලොව බොහෝ රටවල් අතරින් කිහිපයක් හැර සෙසු රටවල ගුවන්සේවා පාඩු ලබමින් ඇත. ජාතික ගුවන්සේවය පැත්තකට දාලා ඒ මුදල් වෙන වෙන වැඩවලට යෙදවිය යුතු යැයි පැවසිය නොහැකියි. ඉදිකිරීම් කර්මාන්තය සඳහා ඒ මුදල් යෙදවිය යුතු නැහැ. මේ වන විට වැවිලි ක්ෂේත්‍රයේ නියුතුවූවන් සඳහා නිවාස ඇති කරමින් යන බව ද ඔහු පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya