අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ මතු වෙමින් තිබෙන නැඹුරුතාවන් ආසියානු ප‍්‍රජාවට හානිකර සංඥා දෙමින් සිටිනවා - ජනපති

    සැප්තැම්බර් 20, 2014

    ආසියාවේ සමහර රටවල් ද ඇතුළු ව ලෝකයේ මතු වෙමින් තිබෙන නැඹුරුතාවන් ආසියානු ප‍්‍රජාවට හානිකර සංඥා දෙමින් සිටින බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වේශයෙන් හා වෙනත් සිත් ඇද ගන්නා උද්‍යෝග පාඨ යටතේ පිටස්තර බලපෑම් අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරන්නේ කෙසේද යන්න අපට පෙනෙන්නට ඇති බවත් ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්‍ෂ ජාත්‍යන්තර සමුළුවේ 8 වැනි මහා සමුළුව අමතමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව අද (19) කොළඹ දී ආරම්භ විය. "ආසියානු ප‍්‍රජාවක් ගොඩනැගීම" යන තේමාව යටතේ සමුළුව සැප්තැම්බර් 21 වනදා දක්වා ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වේ.


    ආසියානු සම්පත් අයිතිකර ගැනීම හා පාලනය කිරීමත් ආසියානු ජනයා මෙහෙයැවීම පිළිබඳ ව වූ විශාල කැමැත්තක් සහිත වූ ඇතමුන් තුළ ජාතීන් අස්ථායී කිරීම සඳහා තිබෙන මහත්  ඕනෑකම විදහා දැක්වෙන  බව ද මෙහිදී ජනාධිපතිතුමා පැවසීය. “ඔවුහු අභ්‍යන්තර අසමගියට දිරි දෙති. විවිධ බේද, බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදයේ අභිප‍්‍රායයන් නොනැවතී පවත්වාගෙන යන බලවේග විසින් සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය ප‍්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න අපි දකිමු” යැයි ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.


    “ආසියානු කලාපය විශාල ස්වභාවික සම්පත් ප‍්‍රමාණයක් මෙන් ම තරුණ තරුණියන් හා දක්‍ෂතා ද බහුල ඇති අතරතුර දුගී බව, මන්ද පෝෂණය හා අපේ ජනයා සඳහා මුලික අවශ්‍යතා හිඟයක් ද ඇති බව අපි දකිමු. අප අතර වූ විවිධත්වයන් අතරතුර වුව ද මෙම අභියෝගයන්ට අප එක්වී මුහුණ දිය යුතුය.” යනුවෙන් ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.


    සමුළුව අමතා ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය


    ආසියානු දේශපාලන පක්‍ෂ ජාත්‍යන්තර සමුළුවේ 8 වැනි මහා සමුළුවට අද දින ඔබ සාදරයෙන් පිළිගැනීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකමි. ආසියානු දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් අප අතර සාමාජිකයෙකු ලෙස මම ඔබ සමඟ එක් වෙමි.


    මෙම වැදගත් අවස්ථාවට සත්කාරකත්වය සැපයීම සඳහා වූ ශ‍්‍රී ලංකාවේ අපේක්‍ෂාව යථාර්ථයක් බවට පත්වී තිබීම පිළිබඳ ව මම විශේෂයෙන් සතුටු වෙමි. පසුගිය වසරේ මැයි මස චීනයේ ෂියාන් හි හරිත සංවර්ධනය හා සුන්දර ආසියාවක් ගොඩනැගීම ප‍්‍රවර්ධනය කිරීමට ආසියානු දේශපාලන පක්‍ෂයන් පැවැත්වූ විශේෂ සමුළුවට මා සහභාගී වූ අවස්ථාවේ මෙම ක‍්‍රියාවලිය ඇරඹිණි.


    මෙය ආසියාව පුරා පැතිරෙන පාලනය පිළිබඳ දේශපාලන චින්තනයේ හා වෙනස් චින්තනයේ විවිධත්වයන් අපේ ජාතීන් හා ජනයා සඳහා පොදු අභිලාෂයන් සාකච්ඡා කිරීමට එකතු වී සිටින අද්විතීය හමුවකි.


    ආසියාවේ රටවල් එකට එක් කරන ඉතිහාසයේ, සංස්කෘතියේ, ආගමේ හා සම්ප‍්‍රදායේ ප‍්‍රබල සම්බන්ධකයන් සමගින් ආසියාවේ දේශපාලනික හා ආර්ථික පරිමාණයන් පුනර්ජීවයක් ලබා ඇත. ලෝකයේ සංවර්ධිත හා ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් සමරහක් අද තිබෙන්නේ ආසියානු කලාපයේ ය. ජාත්‍යන්තර අවධානය යොමු වන හා බලවතුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වන ආසියාවේ යුගයක් කරා අද අපි ගමන් කරමින් සිටින්නෙමු.


    මේ සියල්ල පෙරදැරි කොටගෙන මේ ආසියානු ප‍්‍රජාවක් ගොඩනැගීම ලෙස මෙම මහා සමුළුව තේමා ගැන්වීමේ විශේෂ අදාළත්වයක් ඇත. මෙම තේමාව මෙය ආසියානු සියවස බවට පත් කිරීමේ පොරොන්දුව සමගින් ගෝලීය ආර්ථිකයේ පූර්ව දිශාභිමුඛ ගමන හා ආසියාවේ දේශපාලන බලපෑමේ උද්ගමය මතක් කර දෙයි.


    අප සමග සිටින සියලු ම සාර්ථකත්වය හා අනාගතය සඳහා අපට ඇති සියලු ම පොරොන්දු මධ්‍යයේ අපට මුහුණ දීම සඳහා විශේෂ ගැටලු ද ඇත . අපේ ජනගහනය ශීඝ‍්‍රයෙන් වර්ධනය වන බවත් එය 2050 වනවිට බිලියන 9.6ක් පමණ වීමට අපේක්‍ෂිත බවත් අප අනිවාර්යයෙන් සැලකිල්ලට ගත යුතුය. සාර්ථකත්වය පිළිබඳ ප‍්‍රවෘත්ති සමඟ අපට දුගී ජාතීන් පිළිබඳ කතා ද ඇත. අපට අනාරක්‍ෂිත ආර්ථිකයන් ද වෙළඳ ආර්ථිකයේ කටුක ස්වභාවයට මුහුණ දීමෙහි ලා අපහසුතා ද ඇත.


    ආසියානු කලාපය විශාල ස්වභාවික සම්පත් ප‍්‍රමාණයක් මෙන් ම තරුණ තරුණියන් හා දක්‍ෂතා ද බහුල ඇති අතරතුර දුගී බව, මන්ද පෝෂණය හා අපේ ජනයා සඳහා මුලික අවශ්‍යතා හිඟයක් ද ඇති බව අපි දකිමු. අප අතර වූ විවිධත්වයන් අතරතුර වුවද මෙම අභියෝගයන්ට අපි එක් වී මුහුණ දිය යුතුය. ආසියානු ප‍්‍රජාවක් ගොඩනැගීමේ දී අතීත මිත‍්‍රත්වයන් නැවත අලුත් කර ගැනීම හා නැවත ස්ථාපනය කිරීම පිළිබඳවත් සහයෝගීතාවේ නව ජාලයක් ගොඩනැගීම පිළිබඳවත් අවධානය යොමු කිරීම අවශ්‍ය ය. අපි අපේ සම්පත් බෙදා හදා ගත යුතුය. ආසියාව තුළ අභ්‍යන්තර වෙළඳාම ප‍්‍රවර්ධනය කළ යුතුය. අතීතයට තල්ලු කොට දැමිය යුතු විෂමතා මැඩ පැවැත්වීමට කලාපීය සහයෝගීතාව ගොඩනැගිය යුතුය.


    ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සමුළුව වසර 14කට පෙර මැනිලා හිදී ආරම්භ කරනවිට බටහිර හා මධ්‍යම ආසියාවේ සිට ශාන්තිකර කලාපය දක්වා දිවෙන මෙම අති විශාල මහාද්වීපයේ තරගකාරී ආණ්ඩු පක්‍ෂ, විපක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ආසියාව පිණිස වූ පොදු අරමුණක් සඳහා එකට එක් වීමට හැකි වෙතැයි බොහෝ දෙනෙකු සිතුවේ නැත. අද මෙහි ඔබේ පැමිණීමට පෙන්වන්නේ අප එවන් අවිශ්වාසයන් බිඳ දමා ඇති බවයි. අද අප මෙහි දකින ඉදිරි දැක්මේ බහුලත්වය සහිත හෘදයාංගමල අර්ථකාරී එක් රැස්වීමෙන් පෙනෙන්නේ සහෝදර රැස්වීම්හි දේශපාලන බෙදීම්වලට එරෙහි ව ආසියානු දේශපාලන නායකයින් අපි එකට එක් කොට ඇති බවයි.


    මෙම ආසියානු සියවසේ ආර්ථික වර්ධනයේ ඵල නෙළීමට අප බලාපොරොත්තුවන හෙයින් ආසියාවේ සාමය හා ස්ථායීතාව ගොඩනැගීමට වැදගත් වන වෙනත් වැදගත් ගැටලුවලට මුහුණ දීමේදී  එක්සත්බව දෙස ද අපි බැලිය යුතුය. ආසියාවේ ප‍්‍රදේශ ද ඇතුළුව ලෝකයේ මතු වෙමින් තිබෙන නැඹුරුතාවන් ආසියානු ප‍්‍රජාවට හානිකර සංඥා දෙමින් සිටියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වේශයෙන් හා වෙනත් සිත් ඇද ගන්නා උද්‍යෝග පාඨ යටතේ පිටස්තර බලපෑම් අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරන්නේ කෙසේද යන්න අපට පෙනේ. ආසියානු සම්පත් අයිති කර ගැනීම හා පාලනය කිරීමත් ආසියානු ජනයා මෙහෙයැවීම පිළිබඳ ව වූ විශාල කැමැත්තක් සහිත වූ ඔවුන් තුළ ජාතීන් අස්ථායී කිරීම සඳහා තිබෙන මහත් ඕනෑකම විදහා දැක්වෙයි. ඔවුහු අභ්‍යන්තර අසමගියට දිරි දෙති. කොටස් කිරීම, බෙදීම හා ත‍්‍රස්තවාදයේ අභිප‍්‍රායයන් නොනැවතී පවත්වාගෙන යන බලවේග විසින් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය ප‍්‍රයෝජනයට ගැනෙන්නේ කෙසේද යන්න අපි දකිමු.


    ආසියානු ප‍්‍රජාවක් ගොඩ නැගීම මෙම අනතුරුදායක නැඹුරුතා ආමන්ත‍්‍රණය කිරීමට ආසියාවේ එකමුතුබව ඉල්ලා සිටියි. ආසියාවේ ජාතීන්ගේ ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීමට අනිවාර්යයෙන් ම සහයෝගීතාව තිබිය යුතුය. සංවිධානගත ජාත්‍යන්තර අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්ල මිනිස් ජාවාරම්, කළු සල්ලි වංචනික ලෙස නීත්‍යනුකූල බවට හැරවීම, ත‍්‍රස්තවාදය හා එහි මුදල් ඉපැයීම් මගින් මතු කෙරෙන තර්ජනයන්ට එරෙහි ව සටන් කිරීමට අපි එක්විය යුතුය.
     

    සියලු ම ත‍්‍රස්තවාදීන් එක හා සමාන බවටත්, ඔවුන් සාහසික හා කුරිරු බවටත්, ඔවුන් අතිශය කෲර ක‍්‍රියාවන්හි නිරත වන බවටත් හා අහිංසක ජනයා ඝාතනය කිරීමට ඔවුන් සියල්ලෝ ම සූදානම් බවටත් අප විසින් කලින් පැවසූ දෑ ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වය මෑතක දී දැනගත් බටහිර සමහර නායකයන්ට සිහි කැඳවීම කාලෝචිත බව මට හැඟේ.


    අප භූමිය තුළ ත‍්‍රස්තවාදයට ප‍්‍රතිප‍්‍රයෝජන සැලසීම සඳහා ආසියාවෙන් පිටත බොහෝ බලවේගයන්හි උත්සාහයන්ට එරෙහි ව ත‍්‍රස්තවාදය සමග සටන් කර පරාජය කිරීමේ අපගේ අත්දැකීම් නිසා මේ විශිෂ්ට සභාවේ දී ශ‍්‍රී ලංකාව කැපී පෙනේ. එම අත්දැකීම ලෝකය සමග බෙදා ගැනීමට අපි සැම විට ම සූදානම්. ඔබගේ අද මෙහි සහභාගීත්වය හා අද ඔබ මෙරට තුළ දකින්නේ ත‍්‍රස්තවාදී බලවේගයන් ගෙන් අපගේ රාජ්‍යය හා ජාතිය ආරක්‍ෂා කර ගැනීමේ එම සාර්ථකත්වයේ ඵලයයි.


    මෙහි වැදගත් ආදර්ශය වන්නේ ජාතිය, රාජ්‍යයේ හා එහි ජනතාවගේ ස්වෛරීභාවය ත‍්‍රස්තවාදී බලවේගයන්ගෙන් හා මිත‍්‍රත්වයේ මුවාවෙන් පැමිණෙන අනෙකුත් බෙදුම්වාදී බලවේගයන්ගේ තර්ජනයට ලක් වූ අවස්ථාවක ජාතියේ හා ජනතාවගේ පුළුල් ආරක්‍ෂාව වෙනුවෙන් දේශපාලන පක්‍ෂ විසින් අසමානතා පසෙකට දැමිය යුතු බවයි. අප විසින් නියෝජනය කරන බහුවිධ දේශපාලන ක‍්‍රමයේ දී වඩාත් හොඳින් ජනතාව නියෝජනය කිරීමට නම් දේශපාලන පක්‍ෂ භීෂණයේ හා බලපෑම් සහගත බෙදුම්වාදී බලවේගවලින් නිදහස් විය යුතුය.


    ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට වන පොදු තර්ජනයන් පිළිබඳ අවබෝධයෙන් උදා කරගන්නා සාමය හා ස්ථාවර භාවය ආර්ථික වර්ධනයට හා ආසියාවේ අඛණ්ඩ නැගීමට ඉතා වැදගත්වේ.


    ගෞරවනීය අමුත්තනි නොනාවරුනි මහත්වරුනි


    ආර්ථික සංකලනය වේගවත් කිරීම හා අපගේ ජනතාවට සෞභාග්‍යය ළඟාකර දීම සදහා ආර්ථික වර්ධන ගැටලු උදෙසා වන ජාතික වැඩසටහන් ආසියාවේ විශාල නියෝජනයක් සහිත ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේ සියලු සාමාජිකයින් සතු ව ඇත.


    ආර්ථික සෞභාග්‍යය හා සමාජ ප‍්‍රගතිය එකිනෙක හා සමපාත විය යුතු බව අපි දනිමු. මෙහිදි සංවර්ධන කාර්යන්හිදි කාන්තා හා තරුණ සහභාගිත්වයට නිසි වැදගත්කම ලබා දිය යුතුය.


    අදාළ ක්ෂේත‍්‍ර දෙකෙහි වැඩමුළු සංවිධානය කිරීම තුළින් මේ කාලීන වැදගත් කරුණුවලට ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේ මහා මණ්ඩලය නිසි අවධානය යොමු කර තිබෙනු දැකීම මට සතුටකි.


    එම වැඩමුළු නම් ආසියානු ප‍්‍රජාවක් ගොඩනැංවීමේ කාන්තාවන්ගේ හා තරුණ දේශපාලකයින්ගේ භුමිකාවයි.


    සමාජයේ මේ වැදගත් අංශ දෙක ආසියානු ප‍්‍රජාවක් නිර්මානය කිරීම සඳහා සහභාගි කර ගැනීමට සුදුසු මෙන් ම ඵලදායී යෝජනා නිර්මාණය කිරීම සඳහා මේ වැඩමුළු තුළින් අදහස් හා අත්දැකීම් හුවමාරු වනු ඇති බව මා විශ්වාස කරමි.


    මේ වසර මුලදී ශී‍්‍ර ලංකාවේ පැවති ලෝක තරුණ සමුළුව පිළිබඳ වටිනා අත්දැකීම් අපට දැනටමත් ඇත.


    ගුවන්, නාවික, වාණිජ, බලශක්ති හා දැනුම යන ඉතා වැදගත් අංශයන්හි ආසියාවේ කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ සංකල්පයේදී පශ්චාත් ගැටුම් පරිසරය තුළ ශී‍්‍ර ලංකාව විසින් මෙතෙක් අත් කර ගෙන ඇති ප‍්‍රගතිය අධ්‍යයනය කිරීම ද ප‍්‍රයෝජනවත් වනු ඇත.


    එවන් අවධානයක් පිළිබඳ එක් උදාහරණයක් වන්නේ ග‍්‍රාමීය අංශයේ තොරතුරු තාක්ෂණය ලොව හොඳ ම වර්ධනය ශී‍්‍ර ලංකාව සතු බවට වූ මෑත කාලීන පිළිගැනීමයි. මෙය ආසියාවට ද සාධනීය වන බව මා සිතමි.


    සිය ඉලක්ක ළඟා කරගැනීම සදහා සීඝ‍්‍ර වර්ධනයක් සොයා  යන සහ අපගේ අරමුණ වන ආසියානු ප‍්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා අනෙකුත් ආසියානු ජාතීන්ට මේ ආකාරයේ අවධාරණය කිරීම් උපකාරී විය හැකි බව මාගේ හැගිමයි.


    ශී‍්‍ර ලංකාවේදී ඔබ ඇමතීමේදී ජනතාව හා සමාජයන් වෙන් කරන වෙනස් කම් අතික‍්‍රමණය කිරීමට හා එකමුතු බවේ හා අවබෝධයේ ප‍්‍රජාවක් ගොඩ නැංවීමට අත්‍යවශ්‍ය මෙත්තාව හා කරුණාව පිළිබඳ අවධාරණය කෙරෙන ආසියානු මහද්වීපයේ විශාලතම පැතිරීම ඇති බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ සදහන් කිරීම අදාළ බව මට සිතේ.


    අවසාන වශයෙන් ආසියානු ප‍්‍රගමනයේදී පුළුල් සන්දර්භයක් තුළ එක් ව කි‍්‍රයා කිරීම සඳහා නායකයින් හා තීරකයින් එක් කිරීමට දේශපාලන හා දෘශ්ඨි වාද වෙනස්කම් ඉක්මවා යන අද්විතීය වේදිකාවක් ලෙස ආසියානු දේශපාලන පක්ෂවල අන්ත්ර්ජාතික සමුළුව මම දකිමි.


    මේ ආසියානු සහස‍්‍රයේ ඉලක්ක කරා ළඟා වීම සඳහා ආසියානු ප‍්‍රජාවගේ යහපත වෙනුවෙන් විවිධ දේශපාලන බෙදීම්වලින් එතෙර වී අපි අද එකමුතු ව රැස් ව සිටිමු.


    කොළඹ දී මේ අටවන මහා සමුළුව පැවැත්වීමේ තීරණය වෙනුවෙන් ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මම මාගේ ස්තුතිය පිරිනමමි.


    ආසියානු සහෝදරත්වය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහභාගීත්වයේ ජීවගුණය උදෙසා මේ අවස්ථාවේ සම සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටත් ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටත් මම ස්තුතිවන්ත වෙමි.


    සියලුම දූත පිරිස්වලට මේ සමුළුව ඉතා සාර්ථක වේවායි පතන මා ඔබ ශී‍්‍ර ලංකාවේ අපගේ සංස්කෘතියේ හා ආගමික සත්කාරයේ සුමිහිරි මතක ආසියාවේ සියලු ප‍්‍රදේශ කරා රැගෙන යනු ඇති බව විශ්වාස කරමි.


    ඔබ සැමට තෙරුවන් සරණයි!.


    HC/priu

    President Rajapaksa Assumes Chairmanship of ICAPP

    President Rajapaksa Assumes Chairmanship of ICAPP 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya