අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ICAPP සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද නෙළුම් පොකුණේදී

    සැප්තැම්බර් 19, 2014

    8 වැනි 2014 අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයේ (International Conference on Asia Political Parties – ICAPP) සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරු 9.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

    මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මැතිතුමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සමාරම්භක උත්සවයේ මුලසුන හොබවන ලදහ.


     
    "ආසියානු සමාජයක් බිහිකිරීම (Building Asian Cummunity)" යන්න මෙවර සම්මේලනයේ තේමාව ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබිණි. ප්‍රධාන ආරාධිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සභාව අමතන ලදී.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, ICAPP සමුළු සංවිධායක කමිටු සභාපති, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරම්භක ප්‍රකාශය සභාවට ඉදිරිපත් කරන ලදී.

     

    ICAPP ස්ථාපිත සභාපති හා ස්ථාවර  කමිටු සම සභාපති ජෝසේ දි වෙනෙසියා (Jose de Venecia, Jr.) හා විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු විසින් පිළිගැනීමේ කතා සිදු කරනු ලැබූහ.

     

    මෙම සමුළුවෙන් පසු ICAPPහි සභාපතිත්වයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් වීම නිල වශයෙන් මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. වසර 02ක කාලයක් සඳහා එනම් ඊළඟ සම්මේලනය වන තුරු මෙහි සභාපතිත්වය ශ්‍රී ලංකාව සතු වේ.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් එවන ලද ICAPP සම්මේලනයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ ව හා සම්මේලනයේ සාර්ථකත්වය සඳහා සතුට ප්‍රකාශිත දෘශ්‍ය මාධ්‍ය පණිවිඩයක් ද සභාවට ඉදිරිපත් කරන ලදී.

     

    මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මැතිතුමා හා ICAPP ස්ථාවර කමිටු කාම්බෝජයේ උප අග්‍රාමාත්‍ය සොක් ආන් (Sok) මැතිතුමා විසින් සම්මමේලනය වෙනුවෙන් සතුට ප්‍රකාශ කරමින් සභාව අමතන ලදී.

     

    ICAPP සම්මේලනයේ 2013-14 ප්‍රධාන කාර්යයන් පිළිබඳ වාර්තාව ICAPP සම්මේලන ස්ථාවර කමිටු සාමාජික හා මහ ලේකම් චන්ග් එවුයි යන්ග් මහතා සභාවට ඉදිරිපත් කළේය.

     

    සමුළුව අවසානයේ සියලු ම සාමාජික රටවල සහභාගිත්වයෙන් "කොළඹ ප්‍රකාශනය" නමින් ප්‍රකාශනයක් නිකුත් කරන බවට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කළ අතර සම්මේලනයේ ආරම්භක සැසියේ විරාමය සනිටුහන් කළේය .

     

    මේ සමුළුවේ සාකච්ඡා වාර අද (19) පෙරවරු 11.00 සිට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ අතර හෙට (20) දින ද එහි සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



    ප්‍රධාන සමුළුවට සමගාමී ව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් තරුණ සමුළුවක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මූලිකත්වයෙන් කාන්තා සමුළුවක් ද පැවැත්වේ.

     

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිඇමතිවරු හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ආසියානු රටවල මැතිඇමතිවරු රාජ්‍ය නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

     

    SDF

    ICAPP 2014 Colombo4ICAPP 2014 Colombo3ICAPP 2014 Colombo5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya