අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන්ගේ කොමිසමේ ප‍්‍රගතිය අද විද්වත් කමිටුව හමුවට

    සැප්තැම්බර් 19, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් දීමට ජනාධිපතිතුමා විසින් පත්කළ අන්තර්ජාතික විද්වත් කමිටුව සහ කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර හමුවක් අද (19) ශී‍්‍ර ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ දී පැවැත්වේ.
     
    කොමිෂන් සභාව මේ වන විට අත්කරගෙන ඇති ප‍්‍රගතිය මෙන් ම අනාගත සැලසුම් සහ කි‍්‍රයාවලිය පිළිබඳ ව එහිදී සාකච්ඡා කිරීමට නියෝජිතයන් බලාපොරොත්තු වේ.
     
    එසේ ම කොමිසම ලබන 27 වැනි දින සිට 30 වන දා දක්වා කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ සඳහා මෙම අන්තර්ජාතික විද්වත් කමිටු සාමාජිකයන් ද සහභාගි වීමට බලාපොරොත්තු වේ.
     
    එක්සත් රාජධානියේ රාජ නීතිඥ ශී‍්‍රමත් ඩෙස්මන් ද සිල්වා මහතා මෙම අන්තර්ජාතික විද්වත් කමිටු මණ්ඩලයේ සභාපතිවරයා වන අතර, රාජ්‍ය නීතිඥ ශී‍්‍රමත් ජෙෆ්ර් නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් ක්රේන්, අව්දාෂ් කෞෂල් සහ අහ්මර් සූෆී යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
     
    හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වන අතුරුදහන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව මඟින් 1990 සිට 2009 වසරේ මැයි මාසය දක්වා මෙරට පැවැති යුද්ධයේ දී අතුරුදහන්වුවන් පිළිබඳ ව සොයා බැලේ. 
     
    එය පත් කරනු ලැබුයේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයක් ලෙසය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya