අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත සිතියම ජනපතිට

    සැප්තැම්බර් 18, 2014
    ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තය පිළිබඳ විස්තර ඇතුළත් සිතියම අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    ශ්‍රී ලංකාවේ සියලුම හස්ත කර්මාන්ත, ඒවා ක්‍රියාත්මක වන ආකාරය, ඒවාට පසුබිම් වු හේතු මෙන් ම එම කර්මාන්ත ස්ථානගත වී ඇති ප්‍රදේශ පිළිබඳ විස්තර මෙම සිතියමට ඇතුළත්ය.
     
    එමෙන් ම සංචාරක කර්මාන්තයට වැදගත් වන අයුරින් මෙරට හස්ත කර්මාන්ත ස්ථානගත වී ඇති අයුරුද මෙහි විශේෂයෙන් පෙන්වා දී ඇත.
     
    හස්ත කර්මාන්ත ශිල්පය පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට හා පර්යේෂණ සිදු කරන අයට මෙන් ම පාසල් හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට වැදගත්වන අයුරින් මෙය සම්පාදනය කොට ඇත.
     
    ජාතික ශිල්ප සභාව විසින් සම්පාදනය කරන ලද මෙම සිතියම නිර්මාණය කිරීම සඳහා ඉන්දීය ශ්‍රී ලංකා පදනම විශේෂ සහයෝගයක් ලබා දී ඇත.
     
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධික කීර්තිසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya