අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ පොරොන්දු පත්‍රය මහින්ද චින්තන වැඩපිළිවෙළයි

    සැප්තැම්බර් 18, 2014
    වත්මන් ආණ්ඩුවේ පොරොන්දු පත්‍රය මහින්ද චින්තන වැඩපිළිවෙළ බවත් ඒ හරහා සියලු 
    දේ කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ 
    මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ඊයේ (17) මහියංගනය මහජන ක්‍රීඩාංගණයේ පැවැති 
    මහජන රැලියකට සහභාගි වෙමිනි.
     
    "සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට නොයෙක් අය නොයෙක් දේ කියනවා. අපි 
    මැතිවරණ කාලයට ඇවිත් පොරොන්දු නොදුන් බව බොහොම පැහැදිලි ව කිව හැකියි. 
    ජනතාවගේ ඉල්ලීම පරිදි වසර තිහක ත්‍රස්තවාදය වසර තුනකින් විසඳලා අපි ජනතාවට 
    නිදහස ලබාදුන්නා. එය මහියංගනයේ සිංහල ජනතාවට පමණක් ලැබුණු නිදහසක් 
    නොවේ. දෙමළ ජනතාවටත් අපි ඒ නිදහස ලබා දුන්නා".
     
    ත්‍රස්තවාදය අවසන් කොට ගෙවුණු පසුගිය වසර පහක කාලයක් තුළ බදුල්ල දිස්ත්‍රික්කයට 
    ලැබී ඇති සංවර්ධන කටයුතු පිළිබඳ ව සිහිපත් කළ ජනාධිපතිතුමා විදුලි බලය 98%කට දී 
    ඇති බවත් සිහිපත් කළේය.
     
    "මං යනෙන තැන්වල වටපිටාවේ ජනතාවගෙන් ඇසුවා ම ඔවුන්ගේ ගැටලු පිළිබඳ ව 
    ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතා කියනවා. විදුලි බිල වැඩියි. අඩු කරන්න කියනවා. එය ලංකාවේ 
    කොයි පළාතට ගියත් කිව්වා. අපි නොරොච්චෝලේ ආරම්භ කරන කොට කිව්වා එය විවෘත කරන දවසට අපි විදුලි බිල සහනයක් දෙනවා කියලා. මේ දේවල් අපි මැතිවරණ බලාගොන කරන දේවල් නොවෙයි. එදා අපි කිව්වා නොරොච්චෝලේ සම්පූර්ණ වෙන දවසට අපි විදුලි බිල අඩු කරනවා කියලා. අපි විදුලි බිල අඩු කළා". 
     
    "මම මැතිවරණවලට වැඩකරන නායකයෙකු නො වේ. මම ඇවිත් ඉන්නේ ජනතාවට වැඩ කරන්න. ඒ ඒ අවස්ථාව අනුව අපි ඒ දේවල් කරනවා. එය අපේ යුතුකම හා වගකීම. අපේ වගකීම අපි ඉටු කළා. ගමේ දරුවන් දැන් ඉල්ලන්නේ කාපට් පාරවල්. කොන්ක්‍රීට් පාරත් එපාලු. එදා අපි මැදමුලනේ ඉඳලා කොළඹට එනකොට කාපට් පාරකට එන්න පැය ගාණක් ගත වුණා".
     
    වර්තමානයේ තිබෙන මහියංගනය නගරය කොළඹ තරම් ලස්සන වෙලා ඇති බවත් එම වෙනස පිළිගත යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ණය ගන්නේ ජනතාවට වැඩනොකර ගෙදර තබා ගන්නට නො ව රටට වැඩ කරන්න යැයි ද එලෙස ණය ගැනීමට බිය නො විය යුතු යැයි ද පැවසීය.
     
    "වැඩ කරන්න රජය, පළාත් සභාව හා ප්‍රාදේශීය සභාව අවශ්‍යයි. එවිට වැඩ කිරීමට පහසුයි. ජනතාවගේ ගැටලු විසඳන්න අවශ්‍යයි කියා ඉල්ලන හැමදේ ම අපි දෙනවා. ගංවතුරක් ආවොත් කන්දක් උඩට නැඟලා හරි බේරෙන්න පුළුවන්. නමුත් නියඟයක් ආවොත් සතුන් මැරෙනවා. මිනිසුන්ට බොන්න ජලය නැහැ. ඊළඟට අපේ කාර්යභාරය වන්නේ කන්කසන්තුරේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා මුළු රටේ ම විශේෂයෙන් නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් හැදීම. ජලය තිබෙන පළාත්වලින්, ගංගාවලින් පහළට ගලා එන ජලය ගෙනැවිත් මේ වැව් අමුණු පුරවන්න අපි කටයුතු කරනවා. එය එස්.ඒ. වික්‍රමසිංහ මහතා 1936 වසරේදී කිව්වා. එතුමා කිව්වා නිල්වලා ගඟ හරවන්න මොනරාගල දිස්ත්‍රික්කයට කියලා".
     
    "ගස් කපලා, ගිනි තියලා, කඳුවැටි සමතලා කරලා පරිසරය විනාශ වෙනකොට, කැලෑ නැතිවෙන කොට ඒ තුළින් ඇතිවෙන පරිසර වෙනස, ගස් කපා දමමින් ලෝකයේ දියුණු රටවල්වල ක්‍රියාවලීන් නිසා ගෝලීය උෂ්ණත්වය වැඩි වුණා ම අනාගතයේ සිදුවන වෙනස දෙස අපි බැලුවා. ඒ අනුව මුහුදු ජලය පිරිසිදු ජලය බවට පරිවර්තනය කරලා අවශ්‍ය තැන්වලට විශේෂයෙන් ම ජලය හිඟ පළාත්වලට ගෙනයන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි හදාගෙන යනවා. එය අමුතු දෙයක් නොවෙයි. අපට බැරියි කියලා දෙයක් නැහැ. මැදපෙරදිග අය කරන්නේ ඒක. කාන්තාරය සම්පූර්ණයෙන් අනෙක් පැත්ත හරවනවා. ඒ අයට පුළුවන් නම් අපට බැරිවෙන්න හේතුවක් නැහැ". 
     
    අපි නියඟයට මුහුණ දෙන නියඟය පරාජය කරන වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානමින් සිටින බවත් එය ඊළඟ බලාපොරොත්තුව බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya