අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ චීනය ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබයි

    සැප්තැම්බර් 16, 2014

    අද (16) දිවයිනට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේ දී දෙරට අතර සහයෝගිතාව තවතවත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුම් 27කට එළැඹුණි.


    අද පස්වරු 7.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දෙරටේ ජනාධිපතිතුමන්ලා සහ දෙරටේම නියෝජිතයින් සහ මැතිඇමතිවරුන් ඉදිරියේ ආරම්භ වුණු උත්සවයක දී පහත සඳහන් ක්ෂේත්‍රවල ගිවිසුම්වලට අදාළ පාර්ශයන් විසින් අත්සන් තබනු ලැබූහ.


    මේ අවස්ථාවට අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද චීන රජයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ප්‍රභූන් පිරිසක් එක් ව සිටියහ.


    1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මහජන චීන සමුහාණ්ඩුව අතර ක්‍රමෝපාය සහයෝගිතා හවුල වර්ධනය කිරීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: මහාචාර්ය ජී.එල්. පිරිස්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: වැන්ග් යී මහතා,  විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය
     

    2. මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අපරාධ කටයුතු පිළිබඳ පොදු නීති සහයෝගිතා ගිවිසුම
     
    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: මහාචාර්ය ජී.එල්. පිරිස්, විදේශ කටයුතු අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: වැන්ග් යී මහතා,  විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය

     

    HE Rajapaksa  HE Xi Jinping  minister basil
     

    3.  චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කතිකාව දියත් කිරීම සඳහා මහජන චීන සමුහාණ්ඩුවේ - වාණිජ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: බැසිල් රාජපක්ෂ මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය
     

    4. මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආචාර්ය සරත් අමුණුගම, ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය
     

    5. ජාතික රෝහලේ බාහිර රෝගී ගොඩනැගිල්ල සඳහා ලිපි හුවමාරු කරගැනීම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආචාර්ය සරත් අමුණුගම, ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    චීනය වෙනුවෙන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය
     

    6. වෛද්‍ය සහ ඉගැන්වීම් උපකරණ ආධාර ලෙස - ශ්‍රී ලංකාව, ලිපි හුවමාරු කරගැනීම‍

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආචාර්ය සරත් අමුණුගම, ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය
     

    7.  චීනය විසින් ශ්‍රී ලංකාවට සහන පදනම යටතේ ණය ලබා දීම (හම්බන්තොට කේන්ද්‍රස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම්) පිළිබඳ මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාමුව පිළිබඳ එකඟතා‍

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආචාර්ය සරත් අමුණුගම, ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය


    8.  චීනය විසින් ශ්‍රී ලංකාවට සහන පදනම යටතේ ණය ලබා දීම (දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, මත්තල සිට හම්බන්තොට දක්වා අන්දරවැව හරහා වන 4 වන කොටස ව්‍යාපෘතිය) පිළිබඳ මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාමුව පිළිබඳ එකඟතාව‍

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවන්: ආචාර්ය සරත් අමුණුගම, ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය
     

    9.  මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහය ලබාදීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ගාඕ හුචේන්ග් මහතා, වාණිජ අමාත්‍ය‍


    10. චීන - ශ්‍රී ලංකා, වෙරළ සහ සාගර ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ගෝඨාභය රාජපක්ෂ මහතා, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්‍

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ලියු සිගුයි මහතා, සමුද්‍ර පරිපාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
     

    11. කොළඹ විශ්විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයක් පිහිටුවීමට, චීන කොන්ෆියුසියස් ආයතන මුලස්ථානය සහ කොළඹ විශ්වවිද්‍යාලය අතරවන ගිවිසු‍ම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආචාර්ය කේ. හිරිඹුරේගම, උප කුලපති, කොළඹ විශ්වවිද්‍යාලය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්:  සු ලින් මිය (උප අමාත්‍ය), අධ්‍යක්ෂ, හන්බන් / ප්‍රධාන විධායක නිලධාරී, කොන්ෆියුසියස් ආයතන මුලස්ථානය
     

    12. චීන මාධ්‍ය, ප්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  ටී.බී. ඒකනායක මහතා, සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ජියැන්ග් ජියන්ගාඕ, චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උප අමාත්‍ය.
     

    13. චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: එස්.බී. දිසානායක මහතා, උසස් අධ්‍යාපන අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: බායි චුන්ලි මහතා, සභාපති, චීන විද්‍යා ඇකඩමිය


    14. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ - විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය අතර තාක්ෂණය සහ නව නිර්මාණ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: පාඨලී චමිපික රණවක මහතා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: වූ ජියන්හාඕ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති
     

    15. තත්ත්ව අධීක්ෂණ පරීක්ෂාවේ සහ නිරෝධායනය පිළිබඳ චීන පොදු පරිපාලනය සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යංශය අතර ශාක පරීක්ෂාව සහ නිරෝධායන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
     
    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  මහින්ද යාපා අබේවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍ය

    චීනය වෙනුවෙන්: වූ ජියන්හාඕ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති                                                            
     

    16. මහජන චීන සමුහාණ්ඩුවේ පොදු පරිපාලනය සහ රේගුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා රේගුව අතර ක්‍රමෝපාය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  ආචාර්ය පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාර ලේකම්

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: වූ ජියන්හාඕ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති
     

    17. පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අධියර III සඳහා අනුග්‍රහපූර්වක ගැනුම් ණය පිළිබඳ ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  ආචාර්ය පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාර ලේකම්

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ලී රෞගු, සභාපති, චීන ආනයන - අපනයන බැංකුව‍ෙ


    18. හම්බන්තොට කේන්ද්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ රජයේ සහන ණය පිළිබඳ ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  ආචාර්ය පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාර ලේකම්

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ලී රෞගු, සභාපති, චීන ආනයන - අපනයන බැංකුව
     

    19. දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, මත්තල සිට හම්බන්තොට දක්වා අන්දරවැව හරහා දිවෙන 4 වන කොටස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ රජයේ සහන ණය පිළිබඳ ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  ආචාර්ය පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාර ලේකම්

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ලී රෞගු, සභාපති, චීන ආනයන - අපනයන බැංකුව‍ෙ


    20.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආර්ථික ක්ෂේත්‍රවල මූල්‍ය සහයෝගීතා රාමුව පිළිබඳ එකඟතාව

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:  ආචාර්ය පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාර ලේකම්

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ලී රෞගු, සභාපති, චීන ආනයන - අපනයන බැංකුව


    21.  කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අදියර 1, වාර පත්‍ර ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්:   මෝ වෙන්හේ මහතා, සභාපති, සීමාසහිත චීන වරාය ඉංජිනේරු පුද්ගලික සමාගම

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: හු හුආයිබෑන්ග් මහතා, සභාපති සහ විධායක අධ්‍යක්‍ෂක, චීන සංවර්ධන බැංකුව

     
    22. ශ්‍රී ලංකා රජය සහ සීමාසහිත සී.එච්.ඊ.සී. පෝර්ට් සිටි කලම්බු (පුද්ගලික) සමාගම අතර ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආර්. ඩබ්. ආර්. පේමසිරි මහතා, ලේකම්, මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශය
    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: චෙන් ෆෙන්ජියෑන් මහතා, සභාපති, සීමාසහිත චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පනි  


    23. හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කන්ටේනර් පර්යන්තයේ දෙවන අදියර එස්. ඕ. ටී. (සේවා-ක්‍රියාත්මක කිරීම-පැවරීම) සඳහා මූලික කොන්දේසි ඇතුළත් ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආචාර්ය ප්‍රියාත් බී. වික්‍රම, සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරිය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: චෙන් ෆෙන්ජියෑන් මහතා, සභාපති, සීමාසහිත චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පනි, ලී ජියන්හොන්ග් මහතා, සභාපති, චයිනා මර්චන්ට්ස් ගෘප්


    24. ලක් විජය විදුලි බලාගාරයේ අලුත්වැඩියාව, අමතර කොටස් සැපයීම, සහ ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සී.එම්.ඊ.සී. ආයතනය අතර අවබෝධතා ගිවිසුම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ඩබ්.බී. ගනේගල මහතා, සභාපති, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: සුන් බයි මහතා, සභාපති සහ විධායක අධ්‍යක්ෂ, සී.එම්.ඊ.සී. ආයතනය


    25. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සමූද්‍ර මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සීමාසහිත චයිනා මර්චන්ට්ස් හෝල්ඩින්ග්ස් (ඉන්ටර්නැෂනල්) සමාගම අතර රාමුව පිළිබඳ එකඟතාව

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: ආර්. ඩබ්. ආර්. පේමසිරි මහතා, ලේකම්, මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශය

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: ලී ජියන්හොන්ග් මහතා, සභාපති, චයිනා මර්චන්ට්ස් ගෘප්


    26.  චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ස්වැප් (Swap) ගිවිසුම හුවමාරු කර ගැනීම.

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්: වූ ජියන්හාඕ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති
     

    27. මූල්‍ය සහයෝගීතාව සඳහා චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම

    අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන්: අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

    අත්සන් තැබීම චීනය වෙනුවෙන්:  වූ ජියන්හාඕ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya