අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනපති හා ශ්‍රී ලංකා ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡා

    සැප්තැම්බර් 17, 2014

    චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ දෙරටේ නියෝජිතවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණි. 


    ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා හා චීන නියෝජිත කණ්ඩායම් පහත දැක් වේ.

    ශ්‍රී ලංකාවේ මූලික නියෝජිත කණ්ඩායම වූයේ; ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේෂ්නුකා සෙනෙවිරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හා චීන ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ යන මහත්ම මහත්මීහු වෙති.


    චීනයේ මූලික නියෝජිත කණ්ඩායම වූයේ; ජනාධිපති ෂී ජින්ග්පින්ග් (Xi Jinping) මැතිතුමා, චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාලයේ සාමාජික, චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ආණ්ඩුක්‍රම ගවේෂණ අධ්‍යක්ෂ ජෙරාල් වංග් හුනින්ග් (Wang Huning),  චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාලයේ සාමාජික, චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටු ලේකම් කාර්යාලයේ සාමාජික, චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාලයේ සාමාජික, චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාන්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්  ලී වන්ශු ( Li Zhanshu), රාජ්‍ය මන්ත්‍රී යන්ග් ජයවර් (Yang Jiechi) , විදේශ කටයුතු අමාත්‍ය වංග් යී  (Wang Yi), රාජ්‍ය ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සභාපති ශී වෆුශි  (Xu Shaoshi), වාණිජ කටයුතු අමාත්‍ය ගෝ හුවන්ග් (Gao Hucheng) , මධ්‍යම මූල්‍ය ආදර්ශ කණ්ඩායමේ අධිපති , රාජ්‍ය සංවර්ධන හා සංස්කෘතික කොමිසමේ උප සභාපති ලියු හේ ේ(Liu He), ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියෑන්ග් හෝ (Wu Jianghao), චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටු කාර්යාලයේ උප අධ්‍යක්ෂ ජනරාල් , චීන ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඩින්ග් චියුශියන්ග්(Ding Xuexiang) හා විදේශ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය ලියූ ජියන්වාඕ (Liu Jianchao) යන මහත්ම මහත්මීහු වෙති.

    මීට අමතරව අමාත්‍යාංශ ලේකම්වරුන්, උසස් නිලධාරීන් හා ප්‍රභූවරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya