අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මාචාර්ය සමත් 1000කට ගුරු පත්වීම්

    අප්‍රේල් 09, 2014

    2013 අගෝස්තු මස පැවති ධර්මාචාර විභාගයට පෙනී සිට සමත් 1000ක් සඳහා රජයේ පාසල්වලට බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා ගුරු පත්වීම් ලබාදීමට අපේක්ෂිත බවත් ලබන මැයි මස වන විට එම පත්වීම් ලබා දීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව පැවසීය.

    පළාත් මට්ටමින් අයදුම්පත් කැඳවා මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමටත් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා අන්‍ය ආගම් සඳහා ද මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යෝජනා වී ඇතැයි සඳහන් කළේය.


    පසුගිය ධර්මාචාර විභාගය සඳහා 12,806 දෙනෙකු පෙනී සිට ඇත. රජයේ පාසල්වල බෞද්ධ ධර්මය අතර මෙසේ පත්වීම් ලබන පිරිසට දහම් පාසල් සේවය ද කරගෙන යාමට අවස්ථාව ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

     

    HC/NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya