අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් කඳවුරුවල රඳවා සිටින පිරිස් කඩිනමින් ශ්‍රී ලංකාවට

    අප්‍රේල් 09, 2014

    දැනට කුවේට් රාජ්‍යයේ කඳවුරුවල රඳවා සිටින පිරිස් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔවුන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයේ නිරතවන අතර ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකර ඇති බවත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින් මේ බව පැවසීය.

    මැදපෙරදිග රැකියාවේ නිරතව සිටියදී මියගිය ශ්‍රමිකයන්ගේ ශරීර අවයව මුදලට විකුණන ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතත් එය තහවුරු කිරීමට තවමත් නොහැකිවී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේදී සැබෑ තොරතුරු අනාවරණය කිරීමට හැකි වන බවත් කීවේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya