අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාල්ටන් පෙර පාසල් අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

    අප්‍රේල් 09, 2014

    කාල්ටන් පෙර පාසල් සමූහයේ අලුත් අවුරුදු උත්සවය ඊයේ (08) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    කාල්ටන් පෙර පාසල් සමූහයේ විදුහල්පතිනිය ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවයේ සමාප්ති උළෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එක් විය.කාල්ටන් පෙර පාසල් සමූහයට අයත් බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පෙරපාසල් දරුවන්, ගල්කිස්ස කාල්ටන් පෙරපාසලේ දූ දරුවන්, දකුණු සහ මධ්‍යම පළාත් වලට අයත් කාල්ටන් සමූහයේ පෙර පාසල් සිඟිත්තන් සිය දෙමාපියන් සමඟ මෙම නව අවුරුදු උළෙලට සහභාගී වූහ.

    විශේෂයෙන් ගැමි ක්‍රීඩා, නව අවුරුදු සිරිත්විරිත් මෙන්ම ජාතික සමගිය සහ සහයෝගය පිළිඹිඹු කරමින් ක්‍රීඩා තරග සහ සංස්කෘතික අංග විශාල සංඛ්‍යාවක් සංවිධානය කර තිබුණි.සමාප්ති උළෙලට මැතිඇමතිවරු, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya